Showing posts with label Romance. Show all posts

Dallas TV Series



It's like they never left. The mighty Southfork Ranch is bristling once again with secrets, schemes and betrayals as J.R., Bobby and Sue Ellen are joined by the next generation of Ewings, who renew old family rivalries and reignite a Texas-sized power struggle. John Ross J.R. and Sue Ellen's son is determined to strike it rich by drilling for oil on Ewing land, a plan opposed by Bobby's adopted son, Christopher, who wants the family business to focus on alternative energy sources. When tragedy strikes, Bobby becomes the unofficial caretaker of the Ewing family, and he will do whatever it takes to safeguard his interests, even if it means turning against his nephew.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Moon Lovers: Scarlet Heart Ryeo TV Series



ඔන්න අදත් අපි ආව තවත් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන අපේ යාලුවන්ව හම්බවෙන්න. මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ කොරියාවේ ගෝර්යෝ රාජධානි සමය පසුබිම් කරගෙනයි. එහෙම උනත් අපේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වර්තමානයේ ජීවත් වෙන තරුනියක්. එහෙනම් අපි කතා මාලාව ගැන පොඩ්ඩක් දැනගමුකො.

මම කිවුවනෙ අපේ ප්‍රධාන චරිතය වර්තමානයේ කෙනෙක් කියල. ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන තරුනියක්. නමුත් ඇයට සිදු වන හදීසි අනතුරක් නිසා ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. ජලාශයකට වැටුන දරුවෙකු බේරා ගැනීමට යාමේදී ඇයව එහි ගිලෙනව. ඉන්පසු ඇය එක්වරම නැගිටිනව නාන තටාකයකින්. නමුත් ඒ වර්තමානයේ නම් නෙමෙයි. ගෝර්යෝ රාජ්‍යයේ කුමාරවරුන්ගේ නාන තටාකයෙන් තමයි ඇයව මතු වෙන්නෙ. ඒ කියන්නෙ මේ සිදු උන අනතුර නිසා ඇයව අතීතයට ගිහිල්ල. කොහොම නමුත් දැන් ඇය ඉන්නෙ ගෝර්යෝ රාජ්‍යයේ. මේ රාජ්‍යයේ රජතුමාට කුමාරවරු සහ කුමාරියන් විශාල සංඛ්‍යාවක් ඉන්නව. ඉතින් මේ ආපු අමුත්තියව ඔවුන් කොහොම පිලිගනීද? ඇයට හානියක් සිදු වෙයිද? ඇය මේ විදිහට අතීතයට එන්නෙ කොහොමද? මේවට උත්තර දැනගන්න නම් ඔයාලත් මේ කතා මාලාව බලන්න වෙනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Smallville TV Series



අපි ඉතිං හැමදාම ඔයාලට සුපිරි කතා මාලාවන් අරගෙන එන බව ඔයාල දන්නවනෙ. අලුතෙන් නිකුත් වෙච්ච කතා මාලාවන් වගේම පරණ කතා මාලාවනුත් ඔයාලට අරගෙන එනවනෙ. කොහොම උනත් කොයි විදිහෙ කතා මාලාවක් අරගෙන ආවත් ඔයාල දන්නවනෙ අපි හැමදාම දෙන්නෙ සුපිරි කතා මාලාවන් කියල. ඔන්න ඉතිං අදත් සුපිරි කතා මාලාවක් අරගෙන තමයි ඔයාලව හම්බවෙන්න ආවෙ.

2001 වසරේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව 2011 වසර දක්වාම වසර දහයක් පුරාවට ප්‍රේක්ෂකයින්ගේ හද බැද ගත් කතා මාලාවක් ලෙස විකාශනය වුනා. මේ කාලය අතරතුර මෙම කතා මාලාවේ සීසන් දහයක් විකාශනය වුනා. එක සීසන් එකක විනාඩි 60 කොටස් 23 ක් පමණ තියෙනව. IMDB Rating වල 7.4 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Adventure, Drama, Romance යන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

කතාව ගැන පුංචි විස්තරයකුත් කරන්නම්කො. මේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ ඔයාල කවුරුත් දන්න අදුනන කෙනෙක් තමයි. ඒ කියන්නෙ සුපර් මෑන් තමයි මේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ. නමුත් මේ කතා මාලාව දිව යන්නෙ ඔහු සුපර් මෑන් වීමට කලින් සිදු කල වීරක්‍රියාවන් ගැනයි. ඒ කියන්නෙ මේ කතා මාලාව තුලින් ඔයාලට සුපර් මෑන්ගෙ මුලු ජීවිත කතාවම අකුරක් නෑරම දැනගන්න පුලුවන්. ඒ වගේම ඔහුට සුපර් මෑන් වීමට කලින් මුහුන දීමට සිදු වුනු මහත් භයානක දේවල් ඔයාලට මේ කතාවෙදි බලාගන්න පුලුවන්. 

සුපර් මෑන්ට ආස කරන ඔයාල හැමෝම බලන්නම ඕනෙ කතා මාලාවක් තමයි මේ කතා මාලාව. ඒ වගේම එක කොටසක් බලල ඉවර වෙනකොටම අනිත් කොටසත් බලන්න ආස හිතෙන විදිහට තමයි කතා මාලාව ගලාගෙන යන්නෙ. එහෙනම් ඉතිං ඔයාලත් මේ කතා මාලාව අරගෙන බලන්නකො කොහොමද කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Cinderella and Four Knights TV Series



ඔන්න අදත් අපි ආව අපේ යාලුවන්ට තවත් සුපිරි කතා මාලාවකුත් අරගෙන. මම කලින් කතා මාලාව අරගෙන එනකොට කිවුවනෙ ඔයාලට දෙන්න අපි සුපිරි කොරියන් කතා මාලා විශාල ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කලා කියල. ඔන්න ඉතින් අදත් දෙන්න යන්නෙ ඒ සෙට් එකෙන් තවත් එක කතා මාලාවක් තමයි. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතිව බලමු මොකද්ද මේ අද අරගෙන ආව කතා මාලාව කියල. 

මේකෙ නම දැක්ක ගමන්ම ඔයාලට ලොකු හුරු පුරුදු ගතියක් දැනෙන්න ඇති. අපි කොයි කවුරුත් අහල, බලල තියෙන කතාවක්නෙ සින්ඩරෙල්ල කියන්නෙ. ඇත්තම කියනව නම් මේ තියෙන්නෙ ඒකෙ වර්තමාන කොපියක්. එකම වෙනසකට තියෙන්නෙ ඒකෙ ඉන්නෙ එක කුමාරයෙක් විතරයි ඒත් මේකෙ කුමාරවරු 4 දෙනෙක් ඉන්නව.

එතකොට කවුද මේ සින්ඩරෙල්ල? සින්ඩරෙල්ලගෙ ඇත්ත නම තමයි "හා වොන්". පරණ කතාවෙ වගේම මේ කතාවෙත් හා වොන්ගෙ අම්ම නැති වෙලා. පස්සෙ තාත්ත තවත් විවාහයක් කරගෙන. ඉතින් හා වොන් ජීවත් වෙන්නෙ තමන්ගෙ කුඩම්ම සහ එයාගෙ ලමයි දෙන්නත් එක්ක. එයාල හා වොන්ට හොදටම කරදර කරනව. එයාලගෙ හැම වැඩක්ම කරගන්නෙ හා වොන්ට කියල. තමන්ගෙ කෑම බීම පවා තනියම තමයි හොයා ගන්න සිද්ද වෙලා තියෙන්නෙ. ඉතින් මේ හින්ද හා වොන් රස්සාවල් ගානක්ම කරනව සල්ලි හොයන්න. 

මේ අතරතුර හා වොන්ට අපේ කුමාරවරුන්ව හම්බෙනව. මේ කුමාරවරුත් අමුතුම කට්ටියක් තමයි. මෙයාල එකම පවුලෙ සහෝදරවරු. ඒ වගේම හැම කෙනෙක්ම නාහෙට අහන්නෙ නැති දඩබ්බර එවුන්. ඉතින් මෙයාලගෙ සීය හිතනව හා වොන් වගේ ගෑනු ලමයෙක්ට තමයි මෙයාලව පාලනය කරන්න පුලුවන් කියල. ඉතින් සීය හා වොන් ගෙන් ඉල්ලනව එයාට උදවු කරන්න කියල. ඉතින් හා වොන් මේකට කැමති වෙයිද? මේ කුමාරවරුන්ගෙන් කවුද හා වොන්ගෙ අත ගන්නෙ? මේව දැනගන්න නම් ඉතින් ඔයාලටත් මේ ලස්සන කතා මාලාව අරගෙන බලන්නම වෙනව.




 Like Us On Facebook TV Series & Movies List How to pay   How does it work
Get This

EXO Next Door TV Series



කොහොමද යාලුවනේ ඔයාලට? ටික දවසකින් හොද කොරියන් කතා මාලාවක් දෙන්න බැරි වුන නිසා ඔන්න අද අපි ඔයාලට අරගෙන ආව සුපිරි කොරියන් කතා මාලාවක්. මේක විතරක් නෙවෙයි. ඉදිරි දවස් කිහිපයේම අපි ඔයාලට ලස්සන කොරියන් කතා මාලා විශාල ප්‍රමාණයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනව. මේ වෙනකොට අපි ලස්සන කතා මාලා 15 ක් විතර ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ ඔයාලට අරගෙන එන්න.

එහෙනම් ඉතින් අද අරගෙන ආපු කතා මාලාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො ඔයාලට. මේ කතා මාලාව කොරියන් ආදර කතා මාලාවක්. ඔයාල ඉතින් දන්නවනෙ කොරියන් ආදර කතා මාලාවක් කිවුවම කොහොමද කියල. ඉතින් මේකත් හුගක් ලස්සන ආදර කතා මාලාවක්. IMDB දර්ශකයේ 7.5 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව 2015 වර්ශයේ තමයි විකාශනය වුනේ. මේ කතා මාලාවෙ කොටස් 16 ක් තියෙනව. අපි එහෙනම් බලමු මේක මොන වගේ කතාවක්ද කියල.

මේ කතා මාලාවෙ කතා නායිකාව වෙන්නෙ ජි ඉයොන්හී කියල ගෑනු ලමයෙක්. එයා ගැන කියනව නම් එයා හුගක්ම ලැජ්ජාශීලී ගෑනු ලමයෙක්. මේ ලැජ්ජාශීලී කම හින්දම එයා ඉන්නෙ ගොඩක් පසුතැවීමෙන්. මොකද කියනව නම් එයා පෙම්තෙක්ට කැමති වුනත් එයාගෙ ලැජ්ජාශීලී බව නිසා එයාට එහෙම කෙනෙක් හම්බෙන්නෙ නෑ. මේ විදිහට ඉන්නකොට දවසක් එයාගෙ අසල්වැසි ගෙදරට පිරිමි ලමයි 4 දෙනෙක් එනව කුලියට. ඉතින් ජි ඉයොන්හී හිතනව මේ පිරිමි ලමයින්ගෙන් කෙනෙක්වත් එයාට කැමති වෙයිද කියල. 


කොහොම වුනත් මෙතන අපි නොදන්න කතාවකුත් තියෙනව. මේ පිරිමි ලමයි මේ ගෙදරට ඇවිල්ල තියෙන්නෙ මෙහේ කුලියට ඉන්නම විතරක් නෙමෙයි. ඉතින් එයාල මෙහේට ආවෙ මොකටද කියල මම කියන්න යන්නෙ නෑ. එයාල මෙහෙට ආපු හේතුව දැනගන්නයි, ජි ඉයොන්හී ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද කියල දැනගන්නයි ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. 

ඉතින් මේ ලස්සන කතා මාලාව බලන්න ඔයාලත් කැමති නම් අපිට පුලුවන් මේ කතා මාලාව සිංහල උපසිරසිත් සමග ඔයාලගෙ ගෙදරටම එවන්න. පහල තියෙන ඕනෙම අංකයකට කතා කරල හරි අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් කරල හරි වැඩි විස්තර දැනගන්න ඔයාලට පුලුවන්.





 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work

Get This

Bring It On Ghost TV Series



ඔන්න අදත් අපි ආව අපේ යාලුවන්ට තවත් ලස්සන කොරියන් කතා මාලාවක් අරගෙන. මේක ටිකක් අමුතුම විදිහෙ කතා මාලාවක්. හැමදාමත් ඉතින් එකම විදිහෙ කතා මාලාවන් බලල වැඩකුත් නෑනෙ. 2016 වර්ශයේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාව Comedy, Fantasy, Romance කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. එහෙනම් ඉතින් කතා මාලාව ගැන පුංචි විස්තරයක් කරන්නම්කො අපේ යාලුවන්ට දැනගන්නත් එක්ක.

අපේ කතා මාලාවෙ කතා නායකය වෙන්නෙ පාර්ක් බොන්ග් පල් කියන විශ්වවිද්‍යාල සිසුවෙක්. මොහු සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. මොහුට තියෙනව භූතයන් දැකීමේ විශේෂ හැකියාවක්. ඉතින් මොහු මේ හැකියාව ප්‍රයෝජනයට අරගෙන භූතයන්ගෙන් කරදර වෙන පුද්ගලයන්ට සුලු මුදලකට උදවු කරනව ඒ භූතයන්ව එලවගන්න. ඔහොම ඉන්නකොට දවසක් රෑ බොන්ග් පල්ට දුරකථන ඇමතුමක් එනව භූතයෙක් එලවන්න එන්න කියල. ඒ වගේම මේකට ඔහු නොසිතන තරම් ලොකු මුදලක් දෙන්නත් පොරොන්දු වෙනව. මේ භූතය ඉන්නෙ කාන්තා පාසලක. ඉතින් ලොකු මුදලකුත් ලැබෙන නිසා බොන්ග් පල් යනව මේ වැඩේ කරන්න. 

ඉතින් මේ දුරකථන ඇමතුම දුන්න කෙනා කවුද? බොන්ග් පල්ට මේ භූතය එලවන්න පුලුවන් වෙයිද? ඔහුට පොරොන්දු වුන මුදල ලැබෙයිද? මේ සියල්ල දැනගන්න නම් ඔයාලටත් සිදු වෙනව මේ කතා මාලාව බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This