The Vampire Diaries TV Series



ඔයාල හැමෝම දන්න කියන, ගොඩක් දෙනෙක් ආස කරන කතා මාලාවක් අරගෙන තමයි අද අපි ඔයාලව හම්බවෙන්න ආවෙ. මේ කතා මාලාව වැම්පයර් වරුන් සම්බන්ධ කතා මාලාවක් උනත් මේක ගලාගෙන යන්නෙ ලස්සන ආදර කතාවකුත් එක්ක. ඉතිං මේ කතා මාලාව තරුණ තරුණියන් අතර කොච්චර ජනප්‍රියද කියල කියන්න පුලුවන් 2013 වසරේදී මේ කතා මාලාව හිමිකරගෙන තියෙන සම්මාන අනුව. Teen Choice Awards 2013 සම්මාන උලලේදී හොදම නළුවා, හොදම නිලිය, සහ හොදම ටීවී සීරීස් එක යන සම්මාන තුනම දිනා ගැනීමට මෙම කතා මාලාව සමත් වෙලා තියෙනව. 

මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2009 වසරේදී. මේ වෙනකොට අට වන සීසන් එක වෙනකල් විකාශනය වෙලා තියෙනව. මේ එක සීසන් එකක විනාඩි 45 ක ධාවන කාලයකින් යුක්ත කොටස් 22 ක් පමණ තියෙනව. IMDB Rating වල 7.8 ක ඉහල අගයක් හිමිකරගෙන තියෙන මේ කතා මාලාව Drama, Fantasy, Horror කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. 

ඉතිං කතා මාලාව ගැනත් පොඩි විස්තරයක් කරන්න ඕනෙනෙ. කොහොම උනත් ලොකු දෙයක් නම් කියන්න ඕනෙ නෑ. මොකද අපේ කොල්ලො කෙල්ලො හැමෝම වගේ දන්න කතාවක් හින්ද. මේ කතා මාලාව ගෙතෙන්නෙ Elena Gilbert කියන රූමත් තරුණිය සහ Stefan, Damon කියන අයිය මලෝ දෙන්න අතරයි. Elena Gilbert නොහොත් අපේ කතා නායිකාව ජීවත් වෙන්නෙ තම නැන්දනියත් එක්කයි. ඇයට Jeremy කියල සහෝදරයෙක් ඉන්නව. ඒ වගේම ඇය තවමත් වයස අවුරුදු 17 ක් වෙන පාසල් ශිෂ්‍යයාවක්. ඒ වගේම අපේ කතා නායකයන් දෙදෙන, ඒ කියන්නෙ අයිය මලෝ දෙන්න ඊට හාත්පසින්ම වෙනස් දෙදෙනෙක්. ඒ කියන්නෙ ඔවුන් සාමාන්‍ය මනුෂ්‍යයන් නෙවෙයි. ඔවුන් වැම්පයරයන් කියන ලේ උරා බොන සත්ව විශේෂයක්. ඒ උනත් ඔවුන් දෙදෙන සාමාන්‍ය මනුෂ්‍යයන් වගේ ජීවත් වීමටයි උත්සාහ කරන්නෙ. කොහොම හරි මේ දෙදෙනත් Elena Gilbert ඉගෙන ගන්න පාසලටම ඇතුල් වෙනව. ඒ වගේම Stefan සහ Elena අතර ආදර සම්බන්ධයකුත් ඇති වෙනව. 

ඔන්න ඔහොමයි අපේ කතා මාලාව ගලාගෙන යන්නෙ. ඉතිං මේ අසම්මත ආදර කතාවට මොනව වෙයිද, අයිය මලෝ දෙන්නට හැමදාමත් ඔවුන්ගේ රහස හංගන් ඉන්න පුලුවන් වෙයිද? මේ ගැන දැනගන්න නම් ඉතිං කතා මාලාව බලන්නම වෙනව. ඔයාලත් මේ කතා මාලාව බලන්න ගත්තොත් මේකට ආදරේ කරනව නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work