The Legend of Korra TV Series



ඔන්න අදත් ඔයාලට පට්ටම ඇනිමේශන් සීරීස් එකක් අරගෙන ආව. ඔයාල ගොඩ දෙනෙක් දන්න කාටූන් සීරීස් එකක්නෙ Avatar: The Last Airbender කියන්නෙ. ඉතිං මම අද ඔයාලට දෙන්න යන්නෙ Avatar: The Last Airbender සීරීස් එකේම අතුරු කතාවක් විදිහට ගලාගෙන යන තවත් සුපිරි ඇනිමේශන් සීරීස් එකක් තමයි. බලපු අය නම් දන්නවනෙ Avatar: The Last Airbender සීරීස් එක කොහොමද කියල. ඉතිං අද මම ගෙනාපු සීරීස් එකත් ඒ වගේම ජනප්‍රිය උනු සීරීස් එකක් තමයි. 

මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2012 වසරේදීයි. IMDB Rating වල 8.6 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Animation, Action, Adventure යන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

කතාව ගැන පුංචි හැදින්වීමක් කරනවනම්, මේ කතාව ගලාගෙන යන්නෙ Avatar Aang මිය යාමෙන් වසර 70 පසුව කාලයේදීයි. මේ වෙනකොට Avatar Aang ගේ සටනින් පසුව ලෝකය සාමකාමී තැනක් බවට පත් වෙලයි තියෙන්නෙ. මේ කතා මාලාවේ ප්‍රධාන චරිතය වන්නේ Korra නම් තරුණ වියේ පසුවන ගැහැනු ලමයෙකුයි. Avatar Aang ගේ මරණයෙන් පසුව ලෝකයට බිහි වූ ඇවටාර් වරිය Korra යි. දක්ෂිණ දේශයේ උපන් ඇය භූමි, ජල සහ අග්නි යන තුන් ධාතූන් පිලිබදව ඉතා ඉක්මනින් ඉගෙන ගන්න නමුත් වායු ධාතුව පිලිබද ඉගෙන ගැනීම සම්බන්ධයෙන් එතරම් දක්ෂතාවයක් නොපෙන්වයි. මේ නිසා ඇය වායු ධාතුව පිලිබද ඉගෙනීම සදහා ජනරජ නගරයේ වාසය කරන Avatar Aang ගේ පුත් Tenzin සොයා යයි. මේ වනවිට ජනරජ නගරයේ කැරලිකාර තත්වයක් උද්ගත වී තිබේ. දමන හැකියාව ඇති පිරිස සහ නැති පිරිස අතර සටන් ඇති වෙමින් පවතී. මේ කැරලිකරුවන්ට නායකත්වය සපයන මහ මොලකාරයෙක්ද මේ පිටුපස සිටියි. කෙසේ වෙතත් තමන්ගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් පැමිනි Avatar Korra ටද මේ කැරලිකරුවන්ගෙන් තර්ජන එල්ල වේ. 

ඉතිං මේ කැරලිකරුවන්ට නායකත්වය සපයන්නෙ කවුරුන්ද, ඇවටාර් කෝරාට ඔවුන්ගෙන් මොනවගේ බලපෑම් එල්ල වෙයිද, ඇයට ඇගේ ඉගෙනීම් කටයුතු අවසන් කරන්නට හැකි වෙයිද? මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් ඔයාලට කතා මාලාව බලන්නම වෙනව. ඒ වගේම කියන්න ඕනෙ ඔයාල Avatar: The Last Airbender කතා මාලාව බලපු කෙනෙක් නම් මේ කතා මාලාවටත් කැමති වෙන බව නම් මට විශ්වාසයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work