Transporter TV Series



අදත් ඔයාලට අරගෙන ආව පට්ට ටීවී සීරීස් එකක්. මේකත් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් සීරීස් එකක් තමයි. ඔයාල හැමෝම බලල තියෙන ෆිල්ම් සෙට් එකක්නෙ ට්‍රාන්ස්පෝටර් (Transporter) කියන්නෙ. බලල තියෙන ඕනෙම කෙනෙක් දන්නවනෙ කොච්චර සුපිරි ෆිල්ම් සෙට් එකක්ද කියල. ඉතිං අද ඔයාලට අරගෙන ආවෙ මේ ෆිල්ම් සෙට් එක මූලික කරගෙන නිර්මාණය වුනු ටීවී සීරීස් එකක් තමයි. 

2012 වර්ෂයේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB Rating වල 6.4 වගේ අගයක් හිමි කරගෙන තියෙන මේ සීරීස් එක Action, Crime යටතේ වර්ග කරන්න පුලුවන්. 

කතාවෙ වෙන්න මොකක්ද කියල පොඩි හැදින්වීමකුත් කරන්නම්කො. Frank Martin (Chris Vance) තමයි මේ කතාවෙ කතා නායකය වෙන්නෙ. ඔහු රියදුරෙකු ලෙසයි කතා මාලාවේ පෙනී සිටින්නෙ. හැබැයි ඔහු නිකන්ම රියදුරෙක් නොවෙයි. ඔහු ඉතා අමුතු තාලයේ චරිතයක්. යම්කිසි කෙනෙක් ඔහුට රාජකාරියක් බාර දුන්නම ඔහු ඒ පිලිබදව කිසිදු දෙයක් සොයා බලන්නෙ නෑ. ඔහුට ඔහුගේ මුදල් නිසි පරිදි ලැබෙනවනම් අපායට උනත් වාහනේ අරන් යන්න ඔහු ලෑස්තියි. ඔහුට තමන්ගේ රාජකාරිය කරන වෙලාවට කිසිදු නිතියක් අදාල වෙන්නේ නෑ. ඔහුගේ මූලික අරමුණ තමන්ගේ කාර්‍ය ඉටු කරල තමන්ට හිමි මුදල ලබා ගැනීමයි. ඉතිං මේ විදිහට කටයුතු කරගෙන යනකොට ඔහුට නීතිය පැත්තෙනුත්, වෙනත් පාර්ශවයන්ගෙනුත් බොහොම බලපෑම් එල්ල වෙනව. ඉතිං මේ සියල්ලට මුහුන දෙමින් ඔහු තම කාර්‍ය කෙසේ හෝ ඉටු කරනව. 

ඔන්න ඕකයි කතාවෙ හැටි. ඇක්ශන් වලින් අඩුවක් නැති මේ කතා මාලාවත් ඔයාලා කැමතිම කතා මාලාවක් වෙන බවට කිසිදු සැකයක් නැහැ. Transporter ෆිල්ම් සෙට් එක බලපු අය නම් මේ ගැන හොදටම දන්නව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work