Supernatural TV Series



ඔන්න ඉතිං අදත් ඔයාලට සුපර් කතාවක් අරගෙන ආව. නම බලනකොටම තේරෙනවනෙ (Supernatural) සුපර් කියල 😀. මේ කතා මාලාව විකාශනය ආරම්භ වුනේ 2005 වසරේදීයි. ඒ වගේම මේ කතා මාලාව තවමත් විකාශනය වෙමින් පවතින කතා මාලාවක්. 2005 වසරේ ඉදන් මේ වෙනකනුත් අඛන්ඩව විකාශනය වෙන්න මේ කතා මාලාව කොච්චර ජනප්‍රියද කියල ඔයාලට හිතාගන්න පුලුවන්නේද? මේ කතා මාලාව IMDB Rating වලත් 8.5 ක් වගේ ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනව. 

එහෙනම් ඉතිං කතාව ගැනත් පොඩ්ඩක් දැනගමුකො. මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ ඩීන් සහ සෑම් කියන අයිය මලෝ දෙන්න. කතා මාලාව පටන් ගැනීමේදීම මොවුන්ගේ මව අභිරහස් ලෙස මිය යනව. ඒ මොවුන් දෙදෙනා කුඩා කාලයේදීමයි. මේ සිදුවීමෙන් වසර 22 කට පමන පසුව ඔවුන්ගේ පියාද හදිසියේම අතුරුදහන් වෙනව. ඔවුන් පියාව සොයා යනවිට දැනගන්නව ඔවුන්ගේ මව මිය යාමට හේතුව භූත බලවේගයක් බව. ඉන් පසු ඔවුන් මවගේ මරණයේ පලිය ගන්න භූතයින් දඩයම් කිරීමට පටන් ගන්නව. මේ අතරවාරයේදී සෑම්ට පුදුමාකාර බලයකුත් ලැබෙනව. ඒ වගේම මේ සටනේදී ඔවුන්ට ඉතාමත් බිහිසුනු අමනුෂ්‍යයින් සමග සටන් කිරීමට සිදු වෙනව.

ඉතිං අපි කියනවට වඩා හොදට රස විදින්න පුලුවන් ඔයාලත් මේ කතා මාලාව නැරඹුවනම්. කොටසින් කොටස කතා මාලාව තව තවත් රසවත් වෙනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work