Showing posts with label Biography. Show all posts

Spartacus TV Series



අදත් ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන තමයි ආවෙ. 2010 වර්ෂයේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව Action, Adventure, Biography කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. ඒ වගේම මේ කතා මාලාව IMDB Rating වල 8.6 ක ඉහල අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනව. 

කතා මාලාව ගැන නොදන්න අයට පොඩි විස්තරයක් කරන්නම්කො එහෙනම්. මේ කතා මාලාව දිව යන්නෙ අතීතයේ රෝමය මුල් කරගෙනයි. මේ කාලය වනවිට රෝමය ඉතාමත් දරුණු ලෙස අභ්‍යන්තර සටන් ඇති වෙමින් තිබුනු කාලයක්. මේ සටන් කරන පාර්ශවයන් අතර Thracian සහ Getae කියන පාර්ශවයන් දෙකද සිටියා. මේ දෙපිරිසත් ඔවුනොවුන්ට විරුද්දව සටන් කරන පාර්ශවයන් දෙකක්. 

කොහොම නමුත් මේ සටනේදී Thracian වරුන්ට රෝම රජයේ උපකාරය ලැබෙනව Getae වරුන්ව පරාජය කිරීම සදහා. මේ අතරතුර Thracian කණ්ඩායමේ නායකය තීරණය කරනව Gladiator (සටන් සදහා පුහුනු කරන ලද ඉතාමත් දක්ශ කණ්ඩායමක්) කණ්ඩායමක් නිර්මාණය කරන්න Getae වරුන්ට විරුද්දව නැගී සිටීම සදහා. 

ඉතිං මේ කතා මාලාව පුරාවට ඔයාලට ඉතාමත් දරුණු සටන් දැක බලාගන්න පුලුවන්. හැබැයි මේ කතා මාලාව පවුලේ සැමට නරඹන්න පුලුවන් විදිහෙ කතා මාලාවක් නම් නෙමෙයි. ඉතිං ඔයාලත් මේ කතා මාලාව බලන්න ආස නම් ඔයාලට පුලුවන් මේ කතා මාලාව අපෙන් අරගන්න. කතා මාලාව කොයිතරම් රසවත්ද කියල ඔයාලට බලාගන්න පුලුවන් අපි දාල තියෙන ට්‍රේලර් වීඩියෝව බැලුවනම්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Medici Masters of Florence TV Series



A political, family drama set in Florence in the early 15th century. Cosimo de' Medici finds himself at the helm of his supremely wealthy, banking dynasty family, when his father, Giovanni dies suddenly. However Cosimo is concealing a dangerous secret - Giovanni was murdered. Now Cosimo and his brother must unearth his killer in order to protect the wealth and power of the family.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

American Crime Story TV Series



2016 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.5 ක් වැනි ඉහල අගයක් ලබා ගැනීමට සමත් වුනු මේ කතා මාලාව Biography, Crime, Drama කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. අපේ යාලුවන්ට කතාව ගැන හොදින්ම දැනගන්න බයිස්කෝප් අඩවියෙන් උපුටා ගත් ලිපියක් අපි පහලින් පල කරල තියෙනව.

මේක ඇමෙරිකාවේ සත්‍ය වශයෙන් සිදුවුණු අභිරහස් මිනීමැරුම් ගැන කෙරුණු විමර්ෂණ පිළිබඳව ගොඩනගපු ටෙලිනාට්‍යයක්. සත්‍ය සිද්ධීන් පදනම් කරගෙන දිගින් දිගටම ප්‍රේක්ෂක කුතුහලය රඳවා තබාගත හැකි අන්දමින් මේ කතාව ඉතා ආකර්ෂණිය ලෙස ගොඩනඟා තිබෙනවා. අභිරහස් මිනීමැරුම් ගැන කතා බලන්න කැමති අයට මේක හොඳින් රසවිඳින්න පුළුවන් වේවි.

1994 ජුනි මාසේ 12 වැනිදා රාත්‍රියේ ලොව සුපතල පාපන්දු ක්‍රීඩකයෙක් සහ සිනමා තරුවක් වුණු ඔරන්තල් ජේම්ස් සිම්සන් හෙවත් O.J. සිම්සන් චිකාගෝව බලා යන්නට පිටත් වෙනවා. එදාම රෑ ඔහුගේ දික්කසාද භාර්යාව වන නිකොල් බ්‍රවුන් සිම්සන් සහ ඇයගේ මිතුරෙක් වුණු රොන් ගෝල්ඩ්මන්, නිකොල්ගේ නිවසේදී ඉතා සාහසික අන්දමින් ඝාතනයට ලක්වී තිබියදී සොයා ගැනෙනවා. මේ මිනීමැරුම් ගැන විමර්ෂණය කරන පොලිස් නිළධාරීන් O.J.ගේ නිවෙසට යන්නෙ ඔහුට මේ මරණ ගැන දැනුම් දෙන්නයි. එතැනදී O.J.ට අයත් සුදු ෆෝඩ් බ්‍රොන්කෝ රථය තුළ සහ පිටත තිබී ලේ පැල්ලම් හමුවෙනවා. මිනීමැරුම සිදුවුණු තැනින් ඔවුන්ට ලේ තැවරුණු අත්වැසුමකුත් හමුවෙනවා. මේවා O.J.සිම්සන්ට එරෙහිව සැකය එල්ලවන ප්‍රධාන සාක්ෂි දෙකක් වෙනවා. සිම්සන් විසින් නිකොල්ට පහරදීමේ සිද්ධි කලින් වාර්තා වී ඇති නිසා දිස්ත්‍රික් නීතිඥ මාෂියා ක්ලාක් මේ අපරාධයට කෙලින්ම සැක කරන්නෙ O.J. වයි. පොලිස් මෙහෙයුම් O.J. සිම්සන්ට එරෙහිව ඉදිරියට යද්දී, තමන්ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට O.J. විසින් රොබට් කාඩේෂියන් සහ කීර්තිමත් නීතිඥ රොබට් ශපීරෝ යොදා ගන්නවා. ඇත්තටම මේ මිනීමැරුම් කළේ O.J.ද? තමන්ගේ පරණ බිරිඳට එවැනි අපරාධයක් කරන්න ඔහුට පුලුවන්ද? තමා පසුපස පොලිසිය හඹා එමෙන් කැළඹීමට පත්වෙන O.J. පොලිසියෙන් වසන් වීමට උත්සහ කරනවා. ඔහුට කවදා වෙනතුරු හැංගිලා ඉන්න හැකි වෙයිද? මේ දේවල් හැම එකකටම උත්තර දැනගන්න ඔයාලටත් සිද්ද වෙනව මේ කතා මාලාව බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Narcos TV Series



ඔන්න අපේ යාලුවන්ට සුපිරි කතා මාලාවකුත් අරගෙන අපි ආව ඔයාලව හම්බවෙන්න. මේ කතා මාලාවෙ නම දැක්ක ගමන් අපේ යාලුවො ගොඩ දෙනෙක් දන්නව මොකද්ද අද අපි අරගෙන ආවෙ කියල. මේක ඒ තරමටම අපේ යාලුවො අතර ජනප්‍රිය වුනු කතා මාලාවක්. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.9 ක් වගේ ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව විකාශණය ආරම්භ කරක තියෙන්නෙ 2015 වසරේදීයී. ඔයාලට කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න අපි පහලින් දානව බයිස්කෝප් ටීම් එක මේ කතා මාලාව වෙනුවෙන් ලියපු ලිපිය.

අහල තියනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ගැන. ඇත්තටම කවුද මේ පැබ්ලෝ එස්කොබාර්? කෙටියෙන්ම කීවොත් 1949 දෙසැ.01 දින මෙලොව එලිය දැක 1993 දෙසැ.02 දින මිය ගිය කොකේන් මත්ද්‍රව්‍ය ලොවේ අධිරාජ්‍යායි තමයි මේ. කොලොම්බියාවේ Rionegro හි දී හත්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා ලෙස උපත ලැබූ ඔහු තරුණයෙකු ලෙස මුල දී කොලොම්බියාවෙ මෙඩෙලින් නගරයේ වීදි වල සුළු සොරකම් හා ජාවාරම් කරමින් සිය සාපරාධී ජීවිතය ආරම්භ කළා. පැබ්ලෝ අවසානයේ ඔස්කාර් බර්නල් අගියුරේ සමග බොහෝ සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ වුණා. ඒ කොච්චර ද කියනව නම් යන්තම් වයස 22 වන විට ඔහු ප්‍රකෝටිපතියෙකු බවට පත්වුණා.

80 දශකයේ දී එක්සත් ජනපදයේ භාවිතා කරන ලද කොකේන් වලින් 80%ක අපනයන හිමිකරුවා වුණේ මොහුයි. කොලොම්බියාවෙන් බිහි වූ ධනවත්ම සහ භයානකම අපරාධකරු වන්නේ ද මේ පැබ්ලෝ මයි. එක්සත් ජනපද ඇස්තමේන්තු වලට අනූව ඔහුගේ ශුද්ධ වත්කම ඇ.ඩො. බිලියන 30ක් සහ 90 දශකයේ මුල් භාගය වන විට කොලොම්බියාව පුරා විවිධ ස්ථාන වල සඟවා තැබූ මුදල් ද එක්ව එය ආසන්න වශයෙන් බිලියන 100$ ක් විතර කියල ගණන් බලල තියනවා (අද වෙනකොට බිල් ගේට්ස් ගෙ වත්කමත් ඇ.ඩො.බිලියන 90ක් විතර. හිතාගන්න පුළුවන්ද සල්ලි කන්දෙ තරම) . ඒ වන විට ඔහු ලෝකයේ ධනවත්ම පුද්ගලයින් දස දෙනාගෙන් කෙනෙක් ද වුණා. ඉතින් ඔබට මේ කතා මාලාවෙන් ගෙනහැර දැක්වෙන්නේ ලොව මෙතෙක් බිහි වූ ධනවත්ම සහ බලවත්ම සහ කුප්‍රකටම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ හොරා පොලිස් සෙල්ලමයි. මත්ද්‍රව්‍ය ජාවාරම් ලොවේ රජු වන මේ කුප්‍රකට පැබ්ලෝ එස්කොබාර් නීතියේ රැහැනට හසු කරගැනීම් බර කර මතට ගන්නෙ ඇමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නියෝජිත ස්ටීව් මර්ෆි යි.

සත්‍ය සිදුවීම් සහ චරිත පාදක කොටගෙන, සිදුවීම් වලට පාදක වූ සත්‍ය ස්ථාන වලම රූගත කිරීම් කරන ලද මෙම ඇමරිකානු රූපවාහිනී කතා මාලාව විකාශය ආරම්භ කලේ 2015 අගෝස්තු 15 දිනයි. ඒ වගේම සමහර සිදුවීම් වලට අදාල සත්‍ය වීඩියෝ දර්ශන ද මේ කතා මාලාව නිර්මාණය කරන කොට ඇතුලත් කරල තියනවා.ඒ කියන්නෙ නළුවට අමතරව ඇත්තම පැබ්ලෝ එස්කොබරුත් ඉන්නවා. ඒ වගේම ඔබ නැරඹිය යුතුම ගණයේ කතාවක් ලෙසට ද මෙය ඉහලින්ම නිර්දේශ කිරීමට හැකිය. ඒ වගේම මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු (18+) බවත් මතක් කරන්න ඕනෙ. ඉතිං අපි පැබ්ලෝ එස්කොබාර්ගෙ කොකේන් එක්ක යමු සවාරියක්. ඇමසන් වනයේ කොකේන් නිෂ්පාදනාගාර වලට,තරු පහේ හෝටල් වලට, මිටි ගණන් සල්ලි කඳු උඩට.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This