The Walking Dead TV Series



ඔන්න ඉතිං සුපුරුදු විදිහටම තවත් සුපිරි කතා මාලාවකුත් අරගෙන ඔයාලව හම්බවෙන්න ආව. මේ කතා මාලාවත් ලෝකයේ බොහොම ජනප්‍රිය වුනු කතා මාලාවක් තමයි. ඒ වගේම ඔයාලත් බොහෝ දෙනෙක් මේ කතා මාලාව ගැන අනිවාර්යෙන්ම දන්නව ඇති. ඔයාල හැමෝම වගේ දන්නවනෙ සොම්බිල කියන්නෙ කවුද කියල. මේ කතා මාලාවත් ගෙතෙන්නෙ මේ සොම්බිල වටා තමයි. ඉතිං මේ කතා මාලාවත් බලන්න ආස හිතෙන කතා මාලාවක් තමයි. 

2010 වසරේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 8.5 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Horror, Thriller කියන වර්ගයන් වලට බෙදා වෙන්කල හැක. 

ඉතිං මේ කතා මාලාව ගැන දන්නෙ නැති අපේ යාළුවන්ට දැනගන්නත් එක්ක කතා මාලාව ගැන විස්තරයකුත් කරන්නම්කො. මේ කතාවෙ කතා නායකය වෙන්නෙ Rick Grimes කියන ෂෙරිෆ් වරයයි. දිනක් ඔහු රාජකාරී කටයුත්තක යෙදිල ඉන්නකොට ඔහුට වෙඩි වැදිල ඔහු කෝමා තත්වයට පත් වෙනව. ඊට පස්සෙ ඔහු දිනක් එකවරම රෝහලක් තුලදි සිහිය ලබනව. ඔහු රෝහලෙන් එලියට ඇවිත් බලනකොට දකින දෙය ඔහුටම විශ්වාස කල නොහැකි වෙනව. මුළු නගරයම සොහොන් පිට්ටනියක් බවට පත් වෙලා. මනුශ්‍යයන් කිසිම කෙනෙක් දකින්න නැහැ. ඔහු නිවසට ගිහිල්ල බලනකොට ඔහුගේ බිරිද සහ පුතාද අතුරුදහන් වී ඇති බව දැනගන්නව. ඉතිං නගරයේ මිනිස්සුන්ගෙ පුලුටක්වත් දකින්න නැති වුනාට සොම්බි කියන අමනුශ්‍යයන් නම් ඕනෙ තරම් ඉන්නව. ඔහු බිරිදව සහ පුතාව සොයාගෙන Atlanta කියන නගරයට යනව. මේ අතරතුරේදි ඔහුට නිතරම සොම්බිලාගෙන් කරදර පැමිනෙනව. නමුත් ඔහු තම උත්සාහය අත්හරින්නේ නෑ.

ඉතිං Rick ට තම පවුලේ අය සොයා ගැනීමට හැකි වෙයිද, මේ අතරතුර ඔහු මොනවගේ කරදර වලට මුහුන දෙයිද, පවුලේ අය සොයා ගත්තත් සොම්බිලාගෙන් බේරී තම ජීවිතය ආරක්ශා කරගන්නේ කොහොමද? මේ හැමදෙයක්ම ඔයාලට දැනගන්න පුලුවන් මේ කතා මාලාව බැලුවොත්. ත්‍රාස්‍යය, කුතුහලය, හා භීතිය රැගත් මේ අපූරු කතා මාලාව බලන්න කියල අපි ඔයාලටත් ආරාධනා කරනව. ඔයාල මේ කතා මාලාවට අනිවාර්යෙන්ම කැමති වේවි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work