Scorpion TV Series



ඔන්න ඉතින් අදත් අපි ආව ඔයාලව හම්බවෙන්න තවත් ලස්සන කතා මාලාවකුත් අරගෙන. ඔයාල මේ වෙනකොට මේ කතා මාලාව ගැන දන්නවත් ඇති. මොකද මේ කතා මාලාවත් අපේ යාලුවො අතර ගොඩක් ජනප්‍රිය වුනු කතා මාලාවක් තමයි. එහෙනම් කතා මාලාව ගැන දන්නෙ නැති යාලුවන්ට දැනගන්නත් එක්ක කතාව ගැන පුංචි විස්තරයක් කරන්නම්කො.

මුලින්ම කියන්න ඕනෙ මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ සත්‍ය කතාවක් ඇසුරු කරගෙනයි. කතාවට පාදක වෙන්නෙ වෝල්ටර් ඕ බ්‍රයන් කියන පුද්ගලයයි. ඇත්තටම ඔහු සුපිරි පරිගණක වැඩ්ඩෙක්. ඒ වගේම ඉතාමත් දක්ෂ හැකර්කරුවෙක්. ඔහු වයස අවුරුදු 12 හිදී නාසා ආයතනය හැක් කරනව. අන්න එතන ඉදන් තමයි අපේ කතා මාලාව පටන් ගන්නෙ.

වෝල්ටර් නාසා ආයතනය හැක් කලාම ඔහුව අල්ලගෙන යන්න කණ්ඩායමක් එනව. ඒ කණ්ඩායම පුදුම වෙනව නාසා ආයතන හැක් කරල තියෙන්නෙ පුංචි ලමයෙක් කියල දැනගත්තම. මේ කණ්ඩායම මෙහෙයවන්නෙ කේබ් ගැලෝ කියල පුද්ගලයෙක්. ඔහු වෝල්ටර්ගෙ දක්ෂතාවය තේරුම් අරගෙන ඔහුව රජයේ විවිධ වැඩ වලට යොදා ගන්නව. ගොඩක් අයට විසදන්න අමාරු ප්‍රශණ විසදන්න වෝල්ටර් සහ ඔහුගේ කණ්ඩායමට පුලුවන් වෙනව.

වෝල්ටර්ගෙ කණ්ඩායමත් වෝල්ටර් වගේම ඉතාමත් දක්ෂයන්ගෙන් පිරුනු කණ්ඩායමක්. පෙගී, ටෝබි, හැපී, සිල්වෙස්ටර් සහ රැල්ෆ් කියන අය තමයි මේ කණ්ඩායමේ ඉන්නෙ. මේ හැම කෙනෙක්ටම විශේෂ වුනු දක්ෂතා තියෙනව. ඉතින් ඒ දේවල් ප්‍රයෝජනයට ගනිමින් මෙයාල ප්‍රශ්න විසදන හැටි ඉතාමත් විශිෂ්ටයි. 

2014 වර්ෂයේ තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ. මේ ලස්සන කතා මාලාව IMDB දර්ශකයේ 7.2 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනව. ඉතින් කොටසින් කොටස රසවත් වෙන මේ කතා මාලාව බලන්න ඔයාලත් කැමති වෙන බව නම් නොඅනුමානයි. 



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work