Prison Break TV Series



ඔයාල කොයි කවුරුත් දන්න කියන කතා මාලාවක් අරගෙන තමයි අද අපි ආවෙ. මේ කතා මාලාව අපේ ලිස්ට් එකට ඇතුලත් කලේ මීට හුග කාලයකට ඉහතදී. ඒ වගේම මේ කතා මාලාව විකාශනය වුනේ 2005 වර්ශයේ සිට 2009 වර්ශය දක්වායි. නමුත් කතා මාලාවේ තියෙන ජනප්‍රියතාවය නිසාම නිෂ්පාදකයින් තීරනය කරල තියෙනව කතා මාලාව ඉදිරියට ගෙනියන්න. ඉතින් මේ නිසා කතා මාලාවෙ අලුත් සීසන් එකක් විකාශනය වුනා පහුගිය දවස් වල. දැන් ඒ සීසන් එකත් සම්පූර්ණයෙන්ම විකාශනය අවසන් කරල නිසා අපි හිතුව ඔයාලට ඒ සීසන් එකත් එක්කම කතා මාලාව ආයෙත් අරගෙන එන්න. 

මේ කතා මාලාවෙ වෙන දේ නම් අපේ ගොඩක් යාළුවො දන්න නිසා ලොකු විස්තරයක් නම් කරන්න යන්නෙ නෑ. කොහොම වුනත් පොඩි විස්තරයක් කරන්නම ඕනෙනෙ. මේ කතා මාලාවෙ අපේ ප්‍රධාන චරිත වෙන්නෙ Michael Scofield සහ ඔහුගේ සහෝදරය වන Lincoln Burrows යන දෙදෙනායි. කතාව පටන් ගැන්ම වෙනකොටත් Lincoln සිරභාරයට පත් වෙලයි සිටින්නෙ. Michael ඔහුව හිරගෙදරින් පන්නා ගැනීමට සැලැස්මක් හදනව. Michael ගේ සැලැස්මට අනුව තම සහෝදරයාව බේරා ගැනීමට නම් ඔහුත් සිරගේ ඇතුලට යන්න වෙනව. ඉතිං ඔහු බොරු වරදක් තමන්ගේ පිට දාගෙන සිරගෙදරට ඇතුල් වෙනව. හොදම දේ කියන්නෙ ඔහු සිරගේ ඇතුලට යන්න කලින් සිරගෙයි සෑම අස්සක් මුල්ලක්ම සටහන් වෙලා තියෙන දල සටහනක් තමන්ගේ ඇගේ පච්චයක් ලෙස කොටා ගන්නව. දැන් Michael ඔහුගේ සහෝදරය බේරා ගැනීම සදහා සිරගේ ඇතුලට ඇවිල්ලයි තියෙන්නෙ. 

ඔන්න ඔහොමයි කතාවට මුලපුරන්නෙ. Michael ට සිරගේ ඇතුලෙදි මොන වගේ කරදර වලට මුහුන දෙන්න වෙයිද, ඔහුට තම සොහොයුරා රැගෙන පලා යාමට හැකි වෙයිද, මේ සදහා ඔහු ලග ඇති සැලැස්ම කුමක්ද? මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. ඉතිං ත්‍රාස්‍යය, කුතුහලය, සහ සටන් ජවනිකා වලින් අඩුවක් නැති මේ කතා මාලාව බලන්න අපි ඔයාලටත් ආරාධනා කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work