Spartacus TV Series



අදත් ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන තමයි ආවෙ. 2010 වර්ෂයේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව Action, Adventure, Biography කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. ඒ වගේම මේ කතා මාලාව IMDB Rating වල 8.6 ක ඉහල අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනව. 

කතා මාලාව ගැන නොදන්න අයට පොඩි විස්තරයක් කරන්නම්කො එහෙනම්. මේ කතා මාලාව දිව යන්නෙ අතීතයේ රෝමය මුල් කරගෙනයි. මේ කාලය වනවිට රෝමය ඉතාමත් දරුණු ලෙස අභ්‍යන්තර සටන් ඇති වෙමින් තිබුනු කාලයක්. මේ සටන් කරන පාර්ශවයන් අතර Thracian සහ Getae කියන පාර්ශවයන් දෙකද සිටියා. මේ දෙපිරිසත් ඔවුනොවුන්ට විරුද්දව සටන් කරන පාර්ශවයන් දෙකක්. 

කොහොම නමුත් මේ සටනේදී Thracian වරුන්ට රෝම රජයේ උපකාරය ලැබෙනව Getae වරුන්ව පරාජය කිරීම සදහා. මේ අතරතුර Thracian කණ්ඩායමේ නායකය තීරණය කරනව Gladiator (සටන් සදහා පුහුනු කරන ලද ඉතාමත් දක්ශ කණ්ඩායමක්) කණ්ඩායමක් නිර්මාණය කරන්න Getae වරුන්ට විරුද්දව නැගී සිටීම සදහා. 

ඉතිං මේ කතා මාලාව පුරාවට ඔයාලට ඉතාමත් දරුණු සටන් දැක බලාගන්න පුලුවන්. හැබැයි මේ කතා මාලාව පවුලේ සැමට නරඹන්න පුලුවන් විදිහෙ කතා මාලාවක් නම් නෙමෙයි. ඉතිං ඔයාලත් මේ කතා මාලාව බලන්න ආස නම් ඔයාලට පුලුවන් මේ කතා මාලාව අපෙන් අරගන්න. කතා මාලාව කොයිතරම් රසවත්ද කියල ඔයාලට බලාගන්න පුලුවන් අපි දාල තියෙන ට්‍රේලර් වීඩියෝව බැලුවනම්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work