Heroes TV Series



Heroes කියන්නෙ 2006 ඉදන් 2010 දක්වා කාලය අතරතුර විකාශනය වුනු සුපිරි කතා මාලාවක්. අපේ හුගක් යාළුවො මේ කතා මාලාව ගැන අහලත් ඇති. මොකද මේක ජනප්‍රිය කතා මාලාවක් නිසා. කොහොම නමුත් මේ කතා මාලාව ගැන දන්න නොදන්න හැම යාළුවෙක්ටම දැනගන්නත් එක්ක අපි කතා මාලාව ගැන පුංචි විස්තරයක් කරන්නම්කො.

අපේ යාළුවො ගොඩක් කැමතියිනෙ එක එක Powers තියෙන මිනිස්සු ඉන්න කතා මාලාවන් බලන්න. ඉතින් මේකත් ඒ වගේ කතා මාලාවක් තමයි. මේ කතා මාලාවෙ හැටියට ලෝකෙ විවිධ තැන් වල ඉන්නව සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් මිනිස්සු පිරිසක්. ඔවුන්ව හදුන්වන්නෙ Evolved Humans (Evo) කියලයි. මේ අයට අසාමාන්‍ය හැකියාවන් තියෙනව. කාලය හරහා ගමන් කිරීම, නොපෙනී සිටීම, සුව කිරීම, පියෑබීම වැනි විවිධ හැකියාවන් මොවුන්ට තියෙනව. ඉතින් මේ හැකියාවන්ට ලෝභ වුනු පුද්ගලයෙක් ඉන්නව. ඔහුව හදුන්වන්නෙ Sylar කියල. ඔහුට වුවමනා වෙලා තියෙන්නෙ මේ විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයන්ගෙ හැකියාවන් ඔවුන්ගෙන් උදුරගෙන ලෝකෙ ඉන්න බලවත්ම පුද්ගලය ඔහු බවට පත්වෙන්නයි. ඉතින් මේ පුද්ගලයට එරෙහිව නැගී සිටින්න මේ විශේෂ හැකියාවන් ඇති කණ්ඩායමට එක්ව වැඩ කරන්න සිද්ද වෙනව. 

ඉතින් මේ කණ්ඩායම කොහොමද Sylar ට මුහුණ දෙන්නෙ, Sylar මොවුන්ගේ හැකියාවන් උදුරා ගන්න මොන වගේ දේවල් කරයිද, අවසානයේ කවුරුන් ජයග්‍රහනය කරයිද, මේ සියල්ල දැනගන්න ඔයාලත් මේ කතා මාලාව අරගෙන බලන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work