Falling Skies TV Series



හැමදාම වගේ ඔන්න අදත් ආව සුපිරි කතා මාලාවකුත් අරගෙන ඔයාලව හම්බවෙන්න. හැමදාම ඉතින් ඔයාලට අපි අරගෙන එන්නෙ ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වෙලා තියෙන කතා මාලවන්මනෙ. මේකත් ඒ වගේම සීරීස් එකක් තමයි. මේ පාර අපි ඔයාලට අරගෙන ආවෙ පිටසක්වල ජීවීන්ගේ සම්බන්ධයක් තියෙන සීරීස් එකක්. හැමදාම එකම විදිහෙ සීරීස් බලල එපා වෙලා ඉන්න අය නම් මේකට ගොඩක් කැමති වෙයි. IMDB Rating වල 7.2 වගේ අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Sci-Fi, Thriller කියන වර්ගයන් වලට අයත් වෙන කතා මාලාවක්. 2011 වසරේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව 2015 වසර වෙනකල් විකාශනය වුනා. මේ කාලය අතරතුර කතා මාලාවෙ සීසන් 5 ක් විකාශනය වුනා. කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් සීරිස් එකක් කියල බොහොම විශ්වාසෙන් කියන්න පුලුවන්. හැම සීසන් එකක්ම ඉවරවෙද්දි ඊලග සීසන් එක බලන්න ආස හිතෙනව. 

එහෙනම් ඉතිං කතාව ගැන පොඩි හැදින්වීමකුත් කරන්නම්කො. මේ කතාවෙ පටන් ගැන්මෙ ඉදන්ම පෘතුවිය පිටසක්වල ජීවීන්ගෙ ආක්‍රමනය යටතේ තමයි තියෙන්නෙ. කතාව පටන් ගන්නකොට පිටසක්වලයින් පෘතුවිය ආක්‍රමනය කරල මාස 6 ක් වෙනව. පෘතුවියේ ජීවත් වෙලා ඉන්නෙ මිනිසුන් කුඩා පිරිසක් පමණයි. පිටසක්වලයින්ට අහු වෙන සෑම මිනිසෙක්වම ඔවුන් මරා දමනව. කුඩා ලමුන්ව වහල් කමට අරගන්නව. 

පෘතුවියේ ජීවත් වෙලා ඉන්න එක්තරා කණ්ඩායමක් පිටසක්වලයින්ට එරෙහිව නැගී සිටිනව. එම කණ්ඩායමේ නායකය ලෙස කටයුතු කරන්නෙ කැප්ටන් වීවර් නම් හිටපු හමුදා නායකයෙක්. ඔහුගේ සහයකය ලෙස කටයුතු කරන ටොම් මේසන් නම් පුද්ගලය තමයි අපේ කතා නායකය වෙන්නෙ. ටොම් මේසන්ට පුතුන් තිදෙනෙක් ඉන්නව. ඔවුන්ගෙන් එක් පුතෙක්ව කතාව පටන් ගන්නකොටත් පිටසක්වලයින් විසින් අල්ලගෙන තියෙන්නෙ. 

මෙම කණ්ඩායම පිටසක්වලයින් සමග සටන් කරමින් ඔවුන්ට අවශය කරන බෙහෙත් හා ආහාර සපයා ගනිමින් ඔවුන්ගේ කණ්ඩායමේ සිටින මිනිසුන්ව කොහොම හරි ජීවත් කරවන්න වෙහෙසෙනව. මේ සටන් අතරතුරේදි ඔවුන්ගේ කණ්ඩායමේ සමහරක් අයව ඔවුන්ට අහිමි වෙනව. ඒ වගේම අපිට හිතාගන්නත් බැරි ආකාරයේ දුෂ්කරතා වලට ඔවුන්ට මුහුණ දෙන්න සිදු වෙනව. ඒ මොන දේ උනත් ඔවුන් කරගෙන යන සටන අත්හරින්න ඔවුන් සූදානම් නැහැ. 

ඉතින් ඔවුන් කරගෙන යන සටනින් ඔවුන්ට ජයගන්න පුලුවන් වෙයිද, ටොම් මේසන්ට තමන්ගේ අහිමි උන පුතා බේරාගැනීමට හැකි වෙයිද, පිටසක්වලයින් සමග කරන සටන් වලදී කුමන අභියෝගයන්ට ඔවුන්ට මුහුනදෙන්න වෙයිද? මේ සියල්ලට පිලිතුරු කතාව බලලම දැනගන්න ඔයාලට පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work