EXO Next Door TV Series



කොහොමද යාලුවනේ ඔයාලට? ටික දවසකින් හොද කොරියන් කතා මාලාවක් දෙන්න බැරි වුන නිසා ඔන්න අද අපි ඔයාලට අරගෙන ආව සුපිරි කොරියන් කතා මාලාවක්. මේක විතරක් නෙවෙයි. ඉදිරි දවස් කිහිපයේම අපි ඔයාලට ලස්සන කොරියන් කතා මාලා විශාල ප්‍රමාණයක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනව. මේ වෙනකොට අපි ලස්සන කතා මාලා 15 ක් විතර ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ ඔයාලට අරගෙන එන්න.

එහෙනම් ඉතින් අද අරගෙන ආපු කතා මාලාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කො ඔයාලට. මේ කතා මාලාව කොරියන් ආදර කතා මාලාවක්. ඔයාල ඉතින් දන්නවනෙ කොරියන් ආදර කතා මාලාවක් කිවුවම කොහොමද කියල. ඉතින් මේකත් හුගක් ලස්සන ආදර කතා මාලාවක්. IMDB දර්ශකයේ 7.5 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව 2015 වර්ශයේ තමයි විකාශනය වුනේ. මේ කතා මාලාවෙ කොටස් 16 ක් තියෙනව. අපි එහෙනම් බලමු මේක මොන වගේ කතාවක්ද කියල.

මේ කතා මාලාවෙ කතා නායිකාව වෙන්නෙ ජි ඉයොන්හී කියල ගෑනු ලමයෙක්. එයා ගැන කියනව නම් එයා හුගක්ම ලැජ්ජාශීලී ගෑනු ලමයෙක්. මේ ලැජ්ජාශීලී කම හින්දම එයා ඉන්නෙ ගොඩක් පසුතැවීමෙන්. මොකද කියනව නම් එයා පෙම්තෙක්ට කැමති වුනත් එයාගෙ ලැජ්ජාශීලී බව නිසා එයාට එහෙම කෙනෙක් හම්බෙන්නෙ නෑ. මේ විදිහට ඉන්නකොට දවසක් එයාගෙ අසල්වැසි ගෙදරට පිරිමි ලමයි 4 දෙනෙක් එනව කුලියට. ඉතින් ජි ඉයොන්හී හිතනව මේ පිරිමි ලමයින්ගෙන් කෙනෙක්වත් එයාට කැමති වෙයිද කියල. 


කොහොම වුනත් මෙතන අපි නොදන්න කතාවකුත් තියෙනව. මේ පිරිමි ලමයි මේ ගෙදරට ඇවිල්ල තියෙන්නෙ මෙහේ කුලියට ඉන්නම විතරක් නෙමෙයි. ඉතින් එයාල මෙහේට ආවෙ මොකටද කියල මම කියන්න යන්නෙ නෑ. එයාල මෙහෙට ආපු හේතුව දැනගන්නයි, ජි ඉයොන්හී ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද කියල දැනගන්නයි ඔයාලට මේ කතා මාලාව බලන්නම වෙනව. 

ඉතින් මේ ලස්සන කතා මාලාව බලන්න ඔයාලත් කැමති නම් අපිට පුලුවන් මේ කතා මාලාව සිංහල උපසිරසිත් සමග ඔයාලගෙ ගෙදරටම එවන්න. පහල තියෙන ඕනෙම අංකයකට කතා කරල හරි අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් කරල හරි වැඩි විස්තර දැනගන්න ඔයාලට පුලුවන්.





 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work