Showing posts with label Mystery. Show all posts

The X Files TV Series



ඔන්න යාලුවනේ අදත් අපි ඔයාලට ලස්සන කතා මාලාවක් අරගෙන ආව. ලංකාවෙ රූපවාහිනී නාලිකාවක කිහිප වතාවක්ම විකාශනය වුන මේ කතා මාලාව ලොකු පොඩි කවුරුත් ආසාවෙන් බලපු කතා මාලාවක් තමයි. ඉතින් අපේ යාලුවන්ට බැරි වුනා නම් මේ කතා මාලාව සම්පූර්ණයෙන්ම නරඹන්න ඔන්න මේ තියෙන්නෙ ඒකට අවස්ථාව. කතා මාලාවෙ අලුතින් විකාශනය වුනු 10 වෙනි සීසන් එකත් එක්කම තමයි අපි ඔයාලට අරගෙන ආවෙ.

කතා මාලාව ගැන කියනව නම් මේකෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නව. ෆොක්ස් මෝල්ඩර් සහ ඩෙනා ස්කලී තමයි අපේ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ. X Files කියල කියන්නෙ ඇමෙරිකාවෙ FBI එකේ තියෙන එක් අංශයක්. FBI එකට එන අසාමාන්‍ය සිද්ධීන් විමර්ශනය කෙරෙන්නෙ මේ අංශයෙන්. මේකෙ ප්‍රධාන පරීක්ෂකවරයෙක් තමයි ෆොක්ස් මෝල්ඩර් කියන්නෙ. ඔහුට සහයට ඉන්න වෛද්‍ය පරීක්ෂකවරිය තමයි ඩෙනා ස්කලී කියන්නෙ. මෝල්ඩර් තදින්ම විශ්වාස කරනව පිටසක්වල ජීවීන් කියල පිරිසක් ඉන්න බව. ඉතින් මේ විසදන්න බැරි අත්භූත සිද්ධීන් සමහරක් ඒවට පිටසක්වල ජීවීන්ගෙ සම්බන්ධයන් තියෙන බව ඔහු හිතනව. කොහොම නමුත් මෝල්ඩර් සහ ස්කලී ඔවුන්ට ලැබෙන පරීක්ෂන ඉතාමත් දක්ෂ ලෙස විසදනව. එහෙනම් ඉතින් ඔයාලත් කතා මාලාව අරගෙනම බලන්නකො කොහොමද කියල. කොටසින් කොටසට රසවත් වෙන කතා මාලාව බලන්න ඔයාලත් අනිවාර්යෙන්ම කැමති වේවි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

24 (Twenty Four) TV Series



ඔන්න සුපුරුදු විදිහට අදත් ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන ආව. මේ කතා මාලාව ගැන නොදන්න කෙනෙක්නම් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක් වේවි. මොකද මේ කතා මාලාව ඒ තරමටම ජනප්‍රිය වෙච්ච එකක්. 2001 වර්ෂයේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාවෙ සීසන් අටක් නිකුත් වෙලා තියෙනව. 2010 වර්ෂයේදී කතා මාලාව අවසන් උනත් කතා මාලාවෙ තියෙන ජනප්‍රියත්වය නිසා නිෂ්පාදකයින් 2014 වර්ෂයේදී කතා මාලාවට තවත් අලුත් කොටසක් එකතු කලා. ඒක විකාශනය උනේ අතුරු කතා මාලාවක් විදිහටයි. 24: Live Another Day කියල විකාශනය උන ඒ කතා මාලාවත් පහුගිය දවසක අපි ඔයාලට අරගෙන ආව. ඒ ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න.  IMDB Rating වල 8.4 ක ඉහල අගයක් හිමිකරගෙන තියෙන 24 කතා මාලාව Action, Drama, Mystery යටතේ වර්ග කරන්න පුලුවන්. 

කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවනම්. මේ කතාවේ කතා නායකය ලෙස පෙනී ඉන්නෙ Jack Bauer (Kiefer Sutherland) නම් පුද්ගලයෙක්. ඔහු ප්‍රභූවරුන්ට ආරක්ශාව සපයන කණ්ඩායමක ප්‍රධානියා ලෙස තමයි කටයුතු කරන්නෙ. ඔවුන්ගේ කණ්ඩායම විසින් ජනාධිපති ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන David Palmer ඝාතනය කිරීමේ ත්‍රස්ථවාදීන්ගේ සැලැස්මක් අනාවරනය කර ගන්නව. මේ අතරවාරයේදී ජැක්ගේ දියණිය එකවරම අතුරුදහන් වෙනව. 

ජැක්ගේ දියණිය අතුරුදහන් වීමට හේතුව කුමක්ද, David Palmer ඝාතනය කිරීමට සැලසුම් කරන්නේ කවුරුන්ද, මේ සියල්ල ජැක්ට අනාවරනය කර ගැනීමට හැකි වෙයිද? මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් ඔයාලත් කතාව අරගෙනම බලන්න. සටන් ජවනිකා වලින් අඩුවක් නැති මේ කතා මාලාව ඔයාලට බලන්න ආස හිතෙන විදිහෙ කතා මාලාවක් වෙයි කියන එක නම් අපිට හොදටම විශ්වාසයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Absentia TV Series



2017 වසරේ තමයි මේ කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.4 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Crime, Drama, Mystery කියන කාණ්ඩයන් යටතේ වෙන් කර දැක්විය හැක. කතා මාලාව ගැන subz.lk හි පල වුනු ලිපියේ උපුටා ගැනීමක් පහලින් බලාගන්න පුලුවන්.

එමිලි බර්න් කියන්නෙ FBI නියෝජිතවරියක්. මෙයා විවාහ වෙලා ඉන්නෙ නික් කියන FBI නියෝජිතයා එක්ක. මෙයාලට ඉන්නවා ලස්සන පුංචි පුතෙකුත්, මෙයාලා හුගක් සතුටින් කාලය ගත කරනවා. එක නොසිතූ දවසක Serial Killer (ශ්‍රේණිගත මිනිමරුවෙක්) මේ එමිලි බර්න්ව පැහැරගන්නව. එතනින් පස්සෙ හැමදේම වෙනස් වෙනවා. පස්සෙ කාලයත් එක්ක එමිලිගෙ අතුරුදහන් වීම සම්බන්දව සැකපිට කොනාඩ් හාලොව් කියල පුද්ගලයෙක්ව අත් අඩංගුවට ගන්නවා. ඒ එමිලි බර්න්ව මිනීමැරීම සම්බන්ධයෙන්. මේ මිනීමරුවට තමන්ගෙම කියලා සලකුණක මේ ගොදුරුවුන අයගෙ තියල යනවා ඒ තමා ඒ අයගෙ ඇහිපිල්ලම් කපලා දාන එක.

මේ හැම දේම වෙන්නෙ ඇත්තම කතාව පටන්ගන්න අවුරුදු 6කට කලින්. දැන් අවුරුදු 6ක් ගතවෙලා එමිලිගෙයි, නික්ගෙයි පුංචි ලමයා, දැන් ලොකු ලමයෙක්. තව නික් දෙවෙනි කසාදයකුත් කරගෙන. එයාලා සතුටින් කාලය ගතකරනවා. ඒත් හදිසියේම රෑක නික්ට අර කෝනාඩ් හාලොව් ගෙන් ඇමතුමක් එනවා. එයා කියනවා එමිලි ජීවත් වෙනවා, මේක ඔයාගෙ දෙවෙනි අවස්තාව කියලා. තව එමිලි ඉන්න තැනත් කියනවා. නික් එතනට ගිහින් එමිලිව බේරගන්නවා. දැන් අර ලස්සන පවුල මොනවගේ තත්වයකට මුහුණදෙයිද? තමන්ගෙ පුතා අවුරුදු 6 ක් මැරිලයි කියලා හිතන් ඉදපු අම්මව කොහොම පිලිගනීද? කොනාඩ් හාලොව් හිරේ ගියානම් ඇත්තටම කෝල් කරේ කවුද? මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ වෙනම කෙනෙක්ද? මේවට පිලිතුරු හොයන්නත් ඉස්සරහට කතාව බලන්න කියල අපි ඔයාලට ආරාධනා කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

The Night Manager TV Series



2016 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුල තමයි මේ කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.2 ක ඉහල අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව Crime, Drama, Mystery කියන කාණ්ඩයන් යටතේ වෙන් කර දැක්විය හැකියි. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න අපි පහල දාල තියෙනව බයිස්කෝප් අඩවියේ මේ වෙනුවෙන් පල වුනු ලිපියේ උපුටා ගැනීමක්.

හිටපු බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් වන Jonathan Pine ඊජිප්තුවෙ හෝටලයත සේවය කරනව රාත්‍රී කලමණාකරුවෙක් විදිහට. ඒ 2011 අවුරුද්දෙ .ඒක තමයි ආරාබි වසන්තයෙ ඊජිප්තු විප්ලවය තිබුණ කාලය. එහිදී මෙයාට කාන්තාවක් මුණගැහෙනව. එයා මුස්ලිම්. එයා යම් කිසි ලිපිගොනු වගයක් දෙනව Jonathan ට. ඒක මොකක් හරි ආයුධ සම්බන්ධ ගණුදෙනුවක්. ඉතින් මේකෙ දුෂ්ඨය වෙන්නෙ මහා පරිමාණ ජාත්‍යන්තර අවි ගනුදෙනු කරන රිචඩ් රොපර් කියන චරිතෙ. ඒත් මෙයා පිටතටනම් බොහොම හොද චරිතයක්. ඒක ඉතින් ගොඩක් නරක මිනිස්සුන්ගෙ සාමාන්‍ය ලක්ශණයක්නෙ. මේ සමස්ත කතාවෙම යන්නෙ මෙහෙයුමක් ගැන. ඒ තමයි මේ රිචඩ් රොපර් කියන නරක මිනිහව කොටු කරන මෙහෙයුම. ඉතින් කොටින්ම කිව්වොත් කම්මැලි නැති මෙහෙයුමක්. ඉතින් වැඩිය කතාව කියන්න ගියොත් මේකෙ කතා රසය නැතිවෙලා යනව. එහෙමනම් ඉතින් ඕක තමයි කතාවෙ පසුබිම. කතාව කොච්චර හොදද කියල ඔයාලටම බලාගන්න පුලුවන් කතාව බැලුවොත්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Bates Motel TV Series



ඔන්න ඉතින් අදත් අපි ආව අපේ යාලුවන්ට තවත් කතා මාලාවක් අරගෙන. මේක හැබැයි ටිකක් වෙනස් විදිහෙ කතා මාලාවක්. වෙනස් විදිහෙ කතා මාලාවක් උනාට මේකත් අපේ යාලුවො බලන්න කැමති විදිහෙ කතා මාලාවක් තමයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.2 ක ඉහල අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව Drama, Horror, Mystery කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. එහෙනම් ඉතින් කතා මාලාව ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කො.

නෝමන් කියන්නෙ අවුරුදු 17 කොලු ගැටයෙක්. අනතුරකින් නෝමන්ගේ පියා මිය යනව. හදීසි අනතුරක් ද, මිනී මැරුමක්ද? ඒක කතා මාලාව බලාගෙන යනකොට ඔයාලට සැක හැර දැනගන්න හැකිවේවි. නෝමන්ගේ මව නෝමන් එක්ක යනව ටිකක් දුර පලාතකට ගෙයක් නවාතැන්පොළක් එක්කම මිලදීගෙන. මේ නගරෙත් ටිකක් අමුතුයි. බොහොම කුතුහලය දනවනව. කොහොම නමුත් නෝමන් ප්‍රදේශයේ පාසලට ඇතුලු වෙනව, ඉතාම වේගයෙන් තරුණ කෙල්ලො ටිකක් නෝමන් එක්ක යහළුවෙනව. ඉතින් දවසක් රෑ නෝමන්ට එයාල අඩගහනව පාඩම් කරන්න යන්න. නමුත් නෝමන්ගෙ මව ඊට විරුද්ධ වෙනව. කොහොම නමුත් නෝමන් අම්මට හොරෙන් ජනේලෙන් පැනල යනව කෙල්ලො එක්ක. මේ අතර වාරයෙ නෝමන්ගෙ ගෙදරට අමුත්තෙක් එනව. නෝමන් ගෙදර එනකොට හුගක් දේවල් සිද්ධ වෙලා ඔහුගෙ ගෙදර. 

ඉතින් මොනවද ඔහුගේ ගෙදර සිදු වෙලා තියෙන්නෙ? ගෙදරට ආපු අමුත්ත කවුද? නෝමන්ගෙ පියාගෙ මරණයට හේතුව කුමක්ද? මේ සියල්ලටම පිලිතුරු දැනගන්න ඔයාලටත් මේ කතා මාලාව බලන්න කියල අපි ආරාධනා කරනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This

Channel Zero TV Series



Children's TV is usually wholesome entertainment that can be enjoyed by the whole family, but child psychologist Mike Painter thinks there's one show in particular "Candle Cove" that might not have been so innocent. No one seems to remember the 1980s show except for Mike, and he has ever growing suspicions that it might have played a role in a series of nightmarish events from his childhood, including the disappearance of his twin brother in the summer of 1988. When he returns home to investigate what happened all those years ago, Mike finds out that it whatever it was may be happening again.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work
Get This