The X Files TV Series


ඔන්න යාලුවනේ අදත් අපි ඔයාලට ලස්සන කතා මාලාවක් අරගෙන ආව. ලංකාවෙ රූපවාහිනී නාලිකාවක කිහිප වතාවක්ම විකාශනය වුන මේ කතා මාලාව ලොකු පොඩි කවුරුත් ආසාවෙන් බලපු කතා මාලාවක් තමයි. ඉතින් අපේ යාලුවන්ට බැරි වුනා නම් මේ කතා මාලාව සම්පූර්ණයෙන්ම නරඹන්න ඔන්න මේ තියෙන්නෙ ඒකට අවස්ථාව. කතා මාලාවෙ අලුතින් විකාශනය වුනු 10 වෙනි සීසන් එකත් එක්කම තමයි අපි ඔයාලට අරගෙන ආවෙ.
කතා මාලාව ගැන කියනව නම් මේකෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නව. ෆොක්ස් මෝල්ඩර් සහ ඩෙනා ස්කලී තමයි අපේ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ. X Files කියල කියන්නෙ ඇමෙරිකාවෙ FBI එකේ තියෙන එක් අංශයක්. FBI එකට එන අසාමාන්‍ය සිද්ධීන් විමර්ශනය කෙරෙන්නෙ මේ අංශයෙන්. මේකෙ ප්‍රධාන පරීක්ෂකවරයෙක් තමයි ෆොක්ස් මෝල්ඩර් කියන්නෙ. ඔහුට සහයට ඉන්න වෛද්‍ය පරීක්ෂකවරිය තමයි ඩෙනා ස්කලී කියන්නෙ. මෝල්ඩර් තදින්ම විශ්වාස කරනව පිටසක්වල ජීවීන් කියල පිරිසක් ඉන්න බව. ඉතින් මේ විසදන්න බැරි අත්භූත සිද්ධීන් සමහරක් ඒවට පිටසක්වල ජීවීන්ගෙ සම්බන්ධයන් තියෙන බව ඔහු හිතනව. කොහොම නමුත් මෝල්ඩර් සහ ස්කලී ඔවුන්ට ලැබෙන පරීක්ෂන ඉතාමත් දක්ෂ ලෙස විසදනව. එහෙනම් ඉතින් ඔයාලත් කතා මාලාව අරගෙනම බලන්නකො කොහොමද කියල. කොටසින් කොටසට රසවත් වෙන කතා මාලාව බලන්න ඔයාලත් අනිවාර්යෙන්ම කැමති වේවි.