Oshin (1983) TV Series


ඔන්න යාලුවනේ ඔයාල කොයි කවුරුත් ලොකු පොඩි භේදයකින් තොරව බලන්න ආස කරන කතා මලාවක් තමයි අපි අද අරගෙන ආවෙ. මීට අවුරුදු 22 කට වගේ ඉස්සර මේ කතා මාලාව ලංකාවෙ රූපවාහිනී නාලිකාවක විකාශනය වුනා. ඒ කාලෙ අපි මේ කතා මාලාව බලන්න හුගක් ආස කලා. ඔයාලත් අනිවාර්යෙන් එහෙම වෙන්න ඇති කියල අපි හිතනව. ඉතින් අපෙන් ගොඩක් අය කරපු ඉල්ලීමක් නිසා අපි හිතුව මේ කතා මාලාව ඔයාලට අරගෙන එන්න ඕනෙ කියල.

1983 - 1984 කාලයේදී ජපානයේ විකාශනය වුනු මේ කතා මාලාව IMDB දර්ශකයේ 8.3 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන කතා මාලාවක්. මේ කාලය අතරතුර කතා මාලාවෙ කොටස් 297 ක් විකාශනය වෙලා තියෙනව. කතා මාලාව ගෙතෙන්නෙ ජපානයේ එක්තරා නගරයක ජීවත් වෙන පුංචි ගැහැනු ලමයෙක් වටායි. ඇය නමින් ඔශීන්. ඇය ඉතාමත් දුප්පත් පවුලක දැරියක්. නමුත් උත්සහය අතින් ඇය ඉතාමත් පොහොසත්. කතා මාලාව පුරාවටම තියෙන්නෙ ඇය උත්සාහයෙන් තමන්ගේ ජීවිතය ජය ගන්නා ආකාරයයි. කතා මාලාව අවසානය වන විට ඇය ජපානයේ විශාල සුපිරි වෙලදසෙල් ජාලයක අයිතිකාරියක් වෙලයි ඉන්නෙ. ඉතින් ඇය තමන්ගේ ජීවිතය ජයගන්න හැටි බලන්න ඉස්සර වගේම ඔයාල තාමත් ආස ඇති කියල අපි හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work