Terminator: The Sarah Connor Chronicles TV Series



අද අපි ඔයාලට අරගෙන ආව කතා මාලාවට නම් ඔයාල අනිවාර්යෙන්ම කැමති වෙනව. මොකද මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ ඔයාල හැමෝම දන්න, බොහෝ දෙනෙක් කැමැත්තෙන් නරඹපු Terminator ෆිල්ම් සීරීස් එක පාදක කරගෙනයි. ඉතිං ඔයාල දන්නවනෙ Terminator ෆිල්ම්ස් ප්‍රේක්ශකයන් අතර කොයිතරම් ජනප්‍රිය වුනාද කියල. ඒවගේම මේ කතා මාලාවත් ඉතාමත් ජනප්‍රිය වුන කතා මාලාවක් තමයි. IMDB Rating වල 7.7 ක අගයක් ලබා ගන්න සමත් වුනු මේ කතා මාලාව Action, Drama, Sci-Fi යන වර්ගයන් යටතේ වර්ග කරන්න පුලුවන්. 2008 වසරේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාවෙ සීසන් දෙකක් විකාශනය වුනා. 

කතාව ගැන පොඩි හැදින්වීමකුත් කරන්නම්කො. මේ කතා මලාව Terminator ෆිල්ම් සීරීස් එකත් එක්ක සම්බන්ධවයි ගලාගෙන යන්නෙ. Terminator 2 ෆිල්ම් එකේදි T-1000 කියන ටර්මිනේටර්ව විනාශ කිරීමෙන් පසුව තමයි මේ කතා මාලාවට මුලපුරන්නෙ. කොහොම උනත් T-1000 විනාශ වීමෙන් පසුව උනත් ටර්මිනේටර්වරුන් ඔවුන්ගේ උත්සාහය අතහරින්නේ නෑ. Sarah Connor සහ ඇයගේ පුතා වන John Connor යන දෙදෙනාව මරා දැමීමට ඔවුන් නැවතත් උත්සාහ කරනව. මේ කතා මාලාවේදී පෙරටත් වඩා ශක්තිමත් සහ වේගවත් ටර්මිනේටර්වරුන්ට මුහුන දීමට ඔවුන්ට සිදු වෙනව. ඒ වගේම මේ කතා මාලාවෙත් ඔවුන්ට උදවු කරන ටර්මිනේටර්වරියක් ඉන්නව. ඇය Cameron Phillips. 

ඉතිං මේ කතා මාලාවේදී ඔවුන්ට මොනවගේ අභියෝගවලට මුහුන දෙන්න වෙයිද කියන එක දැනගන්න නම් ඔයාලට කතා මාලාව බලන්නම වෙනව. ඉතාමත් බිහිසුනු සටන් ජවනිකා තියෙන මේ කතා මාලාවට ඔයාල කැමති වෙනව නොඅනුමානයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work