Human Target TV Series



සුපුරුදු විදිහටම ඔයාලට සුපිරි කතා මාලවක් අරගෙන තමයි අදත් අපි ආවෙ. කොහොමත් ඉතිං අපි හැමදාම ඔයාලට දෙන්නෙ ලෝකෙ බොහොමත්ම ජනප්‍රිය වෙච්ච කතා මාලාවන්නෙ. ඉතිං අද ගෙනාවෙත් ඒ වගේම ජනප්‍රිය සුපිරි කතා මාලාවක් තමයි. 2010 වර්ෂයේ විකාශනය ආරම්භ කල මේ කතා මාලාවෙ සීසන් දෙකක් නිකුත් වුනා. IMDB Rating වල 7.8 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Adventure, Crime කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. 

කතා මාලාව ගැන දන්න ගොඩක් දෙනෙක් ඇති කියල හිතුනත් නොදන්න අයට දැනගන්න පොඩි විස්තරයක් කරන්නම්. මේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ Christopher Chance කියන පුද්ගලයයි. ඔහුගේ රැකියාව වන්නේ තමන්ව කුලියට ගන්න සේවදායකයින්ට ආරක්ශාව සැපයීමයි. සේවාදායකයින් මුහුන දී තිබෙන ඉතා දුෂ්කර වූ ප්‍රශ්න වලින් ඔවුන්ව බේරාගෙන ඔවුන්ගේ ජීවීතවලට එල්ලවී තිබෙන බලපෑම් වලින් ඔවුන්ව ආරක්ශාකර තබා ගැනීම ඔහුගේ මූලික රාජකාරියයි. මේ සදහාම වූ ඉතා තීක්ෂන නුවනක් ඔහු සතු වී තිබෙනව. 

මේ කටයුත්ත කරගෙන යාමට ඔහුට උදවු කරන කිහිපදෙනෙකුත් ඉන්නව. Winston කියන්නෙ එයින් එක් පුද්ගලයෙක්. ඔහු විශ්‍රාමික රහස් පරීක්ෂකවරයෙක්. Guerrero කියන්නෙත් ඔහුට උදවු කරන තවත් පුද්ගලයෙක්. ඔහු පරිගණක පිලිබද හසල දැනුමක් ඇති පුද්ගලයෙක්. 

ඉතිං මේ හැමෝගෙම උදවු ඇතිව Christopher Chance තම සේවාදායකයන්ට ජීවීත ආරක්ෂාව සලසමින් ඔවුන්ගේ ප්‍රශ්න විසදන ආකාර බලන්න කියල අපි ඔයාලටත් ආරාධනා කරනව. සටන් ජවනිකා වලට කැමති කට්ටිය නම් මේ කතා මාලාවට අනිවාර්යෙන්ම කැමති වෙන බව නම් අපිට විශ්වාසයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work