Avatar: The Last Airbender TV Series



ඔන්න අද ඔයාලට අරගෙන ආවෙ Animation සීරීස් එකක්. Animation සීරීස් බලන්නෙ නැති අය වුනත් බලන්න ආස හිතෙන විදිහෙ කතා මාලාවක් තමයි මේක. 2005 වසරේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව IMDB Rating වල 9.2 අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව. සීසන් තුනක් නිකුත් වෙලා තියෙන මේ කතා මාලාව Action, Adventure යටතට ගැනිය හැකියි. 

කතාව ගැන විස්තරයක් කරනවනම්, මේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ Aang කියන කුඩා ඇවටාර් වරයෙක්. ඇවටාර් කෙනෙක් කියන්නෙ ජලය, භූමිය, ගින්දර සහ වායුව යන මූලධාතු හතරම පාලනය කරන්න පුලුවන් පුද්ගලයෙකුටයි. ලෝකයේ සාමය හා සමගිය ආරක්ෂා කරගනිමින් ලෝකය සමතුලිත ස්ථානයක් බවට පත් කල හැක්කේ ඇවටාර් වරයෙකුට පමණයි. ලෝකයේ ඇවටාර් වරයෙක් බිහි වන්නෙ වසර දහස් ගනනකට පසුවයි. ඉතින් මේ කුඩා ඇවටාර් තමන් පුහුනුවීම් කරන ආශ්‍රමයෙන් පැන යන අතරතුර විශාල කුණාටුවකට අසු වී ඔහුව අයිස් කුට්ටියක් තුල හිර වෙනව.

මේ සිදු වීමෙන් වසර සියයකට පමණ පසු සෝකා හා කටාරා කියන දෙදෙනාට අයිස් කුට්ටියේ සිරවී සිටින ඇවටාර් වරයාව හමු වෙනවා. ඇවටාර් වරයාගේ අතුරුදහන් වීම ප්‍රයෝජනයට ගෙන අග්නි දේශයේ සූසන් කියන දුශ්ඨ පාලකයා විසින් මේ වනවිට ලෝකයේ බොහෝ ස්ථාන ඔහුගේ පාලනයට නතු කරගෙන තියෙන්නෙ. ඇවටාර් Aang නැවත පැමිණී සිටියත්, ඔහු තම පුහුණු වීම් නිසියාකාරව අවසන් කර නොතිබුනු නිසා සූසන්ට එරෙහිව නැගී සිටීමට තරම් දැනුවත් බවක් ඔහුට තවමත් නැහැ. ඉතින් ඔහු සෝකා හා කටාරා සමග එක්වී ඔහුගේ දැනුමද දියුනු කර ගනිමින් ලෝකය බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත වෙනවා.

ඉතින් ඇවටාර් Aang ට තමන්ගේ පුහුණුවීම් අවසන් කරන්නට හැකි වෙයිද, ඔහුට සූසන් පරාජය කර ලෝකය බේරා ගැනීමට හැකිවෙයිද, ලෝකය බේරා ගැනීමෙ මෙහෙයුමේදී ඔවුන්ට කුමන අභියෝගයන්ට මුහුණ දීමට සිදු වෙයිද, යන්න දැනගන්න නම් කතා මාලාව බලන්නම වෙනවා.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work