Knight Rider (2008) TV Series
හැමදාම වගේ ඔන්න අදත් බොහොම ජනප්‍රිය, සුපිරි කතා මාලාවක් අරගෙන ආව. නම දැක්ක ගමන්ම ඕනෙම කෙනෙක් දන්නව අපි අද අරගෙන ආවෙ මොකක්ද කියල. Knight Rider කියන්නෙ ලොකු පොඩි කවුරු අතරත් ජනප්‍රිය සුපිරි කතා මාලාවක්නෙ. ඉස්සර මේ කතා මාලාව අපේ රූපවාහිනී නාලිකාවක විකාශන උනා කියලත් මතක ඇතිනෙ. අද මම ඔයාලට අරගෙන ආවෙ පරණ Knight Rider වෙනුවට අලුතින් ආපු Knight Rider කෙනෙක්ව. පරණ කතා මාලාවෙ මයිකල් නයිට්ව ඔයාලට මතක ඇතිනෙ. මේ අලුත් කතා මාලාවෙ ඉන්නෙ මයිකල් නයිට්ගෙ පුතා. ඔහුගේ නම මයික් ට්‍රේසර්.
පරණ කතා මාලාව විකාශනය වුනේ 1982 - 1986 කාලයේදීනෙ. ඉතින් ඒ කාලෙ තිබුනට වඩා දියුනු තාක්ශන ක්‍රමවේදයන් මේ වෙනකොට ඇවිත් තියෙන නිසා මයික් ට්රේසර්ගේ කාර් එකේ මයිකල් නයිට්ගේ කාර් එකට වඩා සුපිරි වැඩකෑලි තියෙනව. ඉතිං ඔයාලට කිසිම කම්මැලිකමක් නැතිව මේක බලන්න පුලුවන්.
2008 දී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB Rating වල 5.7 අගයක් හිමිකරගෙන තියෙන මේ කතා මාලාව Mystery, Thriller කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්.
සුපිරි වැඩකෑලි වලින් පිරුනු මේ කතා මාලාවට ඔයාල අනිවාර්යෙන්ම කැමති වේවි. ඉතිං එහෙනම් කතා මාලාව අරගෙනම බලන්නකො කොහොමද කියල.