Sherlock TV Series



ඔන්න අදත් ආව ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන. මේ කතා මාලාව නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි කතා මාලාවක් තමයි. අනික මේ කතා මාලාවෙ නම දැකපු ගමන්ම අනිවාර්යෙන්ම ඔයාලට හුරුපුරුදු හැගීමක් හිතට එන්න ඇති. ශර්ලොක් හෝම්ස් කියන්නෙ ඔයාල ඉතාමත් ආසාවෙන් කියවපු නවකතා මාලාවක්නෙ. මේ නවකතා මාලාව සර් ආතර් කොනන්ඩොයිල්ගේ නිර්මාණයක් කියල ඔයාල හැමෝම දන්නව ඇතිනෙ. ඉතිං මම අද ඔයාලට අරගෙන ආවෙ මේ නවකතා මාලාව පාදක කරගෙන නිර්මාණය කරපු ටීවී සීරීස් එක තමයි. 

මේ නවකතා මාලාව පාදක කරගෙන හුගක් නිර්මාණයන් බිහි වුනත් ඒ හැම නිර්මාණයක්ම ඒකාකාරී විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. නමුත් මේ කතා මාලාවේදී නිෂ්පාදකයන් අලුත් පැත්තක් ගැන හිතල තියෙනව. නව කතා මාලාවේ තියෙන විදිහට නම් ශර්ලොක් හෝම්ස් ජීවත් වෙන්නෙ 18 වන සියවසේනෙ. නමුත් මේ කතා මාලාවේ විදිහට නම් ශර්ලොක් හෝම්ස් ජීවත් වෙන්නෙ 21 වන සියවසේයි. ඒ කියන්නෙ ඔහු ජිවත් වෙන්නෙ තාක්ශනයෙන් පිරුනු ලෝකයක. ඉතිං ඔහු අපරාධ විසදීම සදහා නවීන තාක්ශනයද යොදා ගැනීම ප්‍රේක්ශකයන්ට ඉතාමත් අපූරු අත්දැකීමක්. නමුත් නවකතා මාලාවේ ඉන්න කිසිම චරිතයක් වෙනස් කිරීමකින් තොරව කතා මාලාවටද ඇතුලත් කිරීමට නිෂ්පාදකයන් කටයුතු කරල තියෙනව. 

ඉතිං කතා මාලාව ගැන ඔයාලට අමුතු විස්තරයක් කරන්න කොහෙත්ම ඕනෙ නෑ කියල මම හිතුව. මොකද ඔයාල හොදටම දන්නව ශර්ලොක් හෝම්ස් කියන්නෙ කවුද ඔහු කරන්නෙ මොනවද කියන එක. හැබැයි ඔයාලට කියන්නම ඕනෙ දෙයක් තියෙනව. ශර්ලොක් හෝම්ස් නවකතාවන්ට නොදෙවෙනි වෙන්න මේ ටීවී සීරීස් එකත් ජනප්‍රිය වෙලා තියෙනව. IMDB Rating වල 9.2 ක ඉහල අගයක් හිමි කර ගන්න මේ කතා මාලාව සමත් වෙලා තියෙනව. 2010 දී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව Crime, Drama, Mystery කියන වර්ගයන් වලට බෙදා දක්වන්න පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work