Dragons: Riders of Berk TV Series



ඔන්න අද අපි සුපිරි ඇනිමේශන් සීරීස් එකක් අරගෙන ආව අපේ යාලුවන්ට. මේ කතා මාලාවට පාදක වෙලා තියෙන්නෙ ඔයාල කවුරුත් බලල තියෙන How to Train Your Dragon ෆිල්ම් එකයි. මේ ෆිල්ම් එක වගේම අද මම ඔයාලට ගෙනාව කතා මාලාවත් රසිකයන් අතර බොහොම ජනප්‍රිය වුනා. IMDB Rating වල 8.1 වගේ ඉහල අගයක් ලබාගන්න සමත් වුන මේ කතා මාලාව 2012 වසරේදී තමයි විකාශනය ආරම්භ කලේ.

කතාව ගැන නම් කියන්න ලොකු දෙයක් නෑ. මොකද ෆිල්ම් එක බලල තියෙන ඕනෙම කෙනෙක් කතාව ගැන හොදට දන්නවනෙ. නොදන්න අයට පුංචි හැදින්වීමක් කරන්නම්. මේ සීරීස් එක පටන් ගන්නෙ ෆිල්ම් එක ඉවර උන් තැන ඉදන්. ඒ කියන්නෙ හිකප් සහ ඔහුගේ මිතුරු මකරා එකතු වෙලා නපුරු මකරුන්ගෙන් තමන්ගේ ගම බේරා ගත්ත තැන ඉදන් තමයි කතාව පටන් ගන්නෙ. නපුරන්ගෙන් ගම බේරා ගැනීමෙන් පසුව මිතුරු මකරුන් සහ වයිකින්ස්වරු (හිකප්ගේ ගෝත්‍රයේ නම) එකම ගමේ ජීවත් වෙනව. නමුත් මකරුන්ව පාලනය කිරීම ඉතා අපහසු කටයුත්තක් වෙනව. මකරුන් ඔවුන්ට අවශ්‍යය පරිදි ගමේ ඒ මේ අත දිව යමින් ගම්මුන්ට කරදර වෙන ලෙස හැසිරෙනව. ඉතිං මේ සදහා පිලියමක් ලෙස හිකප්ගේ තාත්ත ඔවුන්ට මකරුන් ගැන ඉගෙන ගැනීම සදහා මකර විද්‍යාලය නමින් විද්‍යාලයක් ස්ථාපනය කරනව. එය පිහිටවීමේ ප්‍රධාන අරමුන වෙන්නෙ මකරුන් පාලනය කරගෙන ඔවුන් සමග සමගියෙන් ජීවත් විමයි. 

ඉතිං ඔවුන්ගේ උත්සාහය සාර්ථක වෙයිද, මකරුන් සමග මිතුරු වීමට ඔවුන්ට හැකිවෙයිද, මේ කාර්‍යයේදී ඔවුන්ට කුමන අභියෝග වලට මුහුන දීමට සිදු වෙයිද? මේ සියල්ලට පිලිතුරු කතා මාලාව බලලම තමයි ඔයාලට දැනගන්න වෙන්නෙ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work