Terra Nova TV Series



ඔන්න අද අපි සූදානම් වෙන්නෙ ඩයිනෝසරයන්ගෙන් පිරිච්ච ලෝකයකට ඔයාලව එක්කරගෙන යන්නයි. ගොඩක් දෙනෙක් කැමතිනෙ ඩයිනෝසර් සතුන් ඉන්න කතා බලන්න. ඔන්න එහෙනම් අද ඒකට අවස්ථාව. මේ කතාව 2011 වර්ෂයේදී තමයි විකාශනය ආරම්භ කලේ. IMDB Rating වල 6.8 ක අගයක් හිමිකරගෙන තියෙන මේ කතා මාලාව Adventure, Mystery, Sci-Fi යටතට ගැනිය හැකියි. 

කතාව ගැන පුංචි හැදින්වීමක් කරනවනම්, මේ කතාව පටන් ගන්නෙ වර්ෂ 2149 දී. ඒ කාලෙ වෙනකොට පෘතුවිය මනුෂ්‍ය ජනාවාසයට නොසුදුසු පරිසරයක් බවට පත් වෙලයි තියෙන්නෙ. ජිම් ශැනන් කියන්නෙ මේ කාලයේ ජීවත් වන පොලිස් පරීක්ශකවරයෙක්. නමුත් ඔහු බරපතල අපරාධයකට හසු වෙලයි ඉන්නෙ. මේ කාලෙ වෙනකොට පාලකයන් විසින් ජනතාවට දැඩි නීතියක් පනවලයි තියෙන්නෙ. එක පවුලක ලමුන් දෙදෙනෙකුට වඩා සිටින්න බැහැ. ජිම් ශැනන් මේ නීතිය උල්ලංගනය කරමින් ලමුන් තිදෙනෙක් හදනවා. මේ නිසා ඔහු අත්තඩංගුවට පත් වෙනව. 

මේ අතරතුර විද්‍යාඥයන් පිරිසක් විසින් කල පරීක්ශනයක ප්‍රතිපලයක් වශයෙන් ඔවුන් සමාන්තර ග්‍රහලෝකයකට යා හැකි ද්වාරයක් සොයා ගන්නව. නමුත් මේ ග්‍රහලෝකයත් මනුෂ්‍ය ජනාවාසයට සම්පූර්ණයෙන්ම සුදුසු එකක් නෙවෙයි. ඒ කියන්නෙ මේ ග්‍රහලෝකයේ ජීවත් වෙන්නෙ ඩයිනෝසරයන්. විවිධාකාරයේ ඩයිනෝසරයන් මේ ග්‍රහලෝකයේ ජීවත් වෙනව. විද්‍යාඥයන් මේ ග්‍රහලෝකය ටෙරානෝවා කියල නම් කරනව. නමුත් විද්‍යාඥයන් විසින් සොයා ගන්නා ලද ද්වාරයේ පුංචි අඩුවක් තියෙනව. පෘතුවියේ ඉදන් ටෙරානෝවා වලට යන්න පුලුවන් උනාට මේ ද්වාරය හරහා නැවතත් පෘතුවියට එන්න බැහැ. 

කොහොම නමුත් පෘතුවි වැසියන් ටෙරානෝවා වල කුඩා ප්‍රදේශයක් තෝරාගෙන විදුලි වැටකින් සමන්විත බලකොටුවක් නිර්මානය කරනව. මේ කුඩා ගම්මානයේ පවුල් කිහිපයක් පදිංචිත් කරනව. මේ පවුල් අතරට ජිම් ශැනන්ගේ පවුලත් අයත් වෙනව. ඉතිං බලකොටුව ඇතුලෙ හිටිය කියල මේ කට්ටියට ඩයිනෝසරයන්ගෙන් කරදර සිදු නොවන්නේම නෑ. 

ඉතිං මේ අය ඩයිනෝසරයන් සමග කොයි ආකාරයෙන් කටයුතු කරයිද, ඔවුන්ට ඩයිනෝසරයන්ගෙන් මොනවගේ කරදර පැමිනෙයිද කියල ඔයාලටම බලාගන්න පුලුවන් මේ කතා මාලාව නැරඹුවනම්. බලන්න බලන්න ආස හිතෙන කතා මාලාවක් කියල බය නැතුව කියන්න පුලුවන්.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work