Showing posts with label Adventure. Show all posts
Emerald City TV Series


එමරල් සිටි කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ ජනප්‍රිය විද්‍යාප්‍රබන්ධ කතා පොත් සමූහයක් පාදක කොට ගෙනයි. “The Oz books” මෙම පොත් පෙල ආරම්භ වෙන්නේ The Wonderful Wizard of Oz (1900) යන පළමු කෘතියෙන් සහ එහි අන්තර්ගතය සහ එයින් කියවෙන්නේ Land of Oz (මායා නිජබිමේ) ඉතිහාසය ගැන ප්‍රථම වතාවට ලොවට ඒ ගැන ප්‍රතිරූපයක් ගොඩනැංවීමයි. මේ ජනප්‍රිය පොත් සමූහයට අයිතිකම් ලබන්නේ L.Frank Baum. ඔහු ගොඩනගාගත්ත ඒ අපූරූ විද්‍යා ප්‍රබන්ධිත මායා ලෝකය කෙතරම් දුරට විහිදිලා තියනවද යන්න සැලකෙන්නේ ඔහු විසින් රචිත පොත් දාහතරක කතා ගොන්න පරිශීලනය කිරීමෙනි. මේ පොත් සියල්ලම ලියවුනේ ඇමරිකානු එක්සත් ජනපදයේ. ඔහු ජීවත් වෙලා සිටින කාලයේදී ඔහුට මායා නිජබිමේ රාජකීය ඉතිහාසකරු කියලා හැදින්වූයේ ඔහු එම කෘතීන්වල තිබෙන ඒ සංකල්පය සත්‍යක් බවට පුන පුනා ඉදිරිපත් කල නිසා. ඒ මිත්‍යා සංකල්පය නිර්මාණ කිරීමට කතා පොත් මාලා සමූහයටම දොරති සහ ඔස්මා කුමරිය යන අය මායා නගරයේ සිදුකල වික්‍රමයන් යොදාගෙන තියෙනවා. ඉතින් මේ කෘතීන් ජීවමාන කරමින් නිර්මාණය වුනු කතා මාලාව කොතරම් දුරට සාර්ථකද කියල දැනගන්න ඔයාලටත් වෙනව මේ කතා මාලාව නරඹන්න.
Merlin TV Series


සුපුරුදු විදිහටම ඔන්න අදත් ඔයාල කැමති වෙන විදිහෙ කතා මාලාවක් අරගෙන ආව. මේ කතා මාලාව විකාශනය ආරම්භ කල 2008 වසරේ ඉදන්ම මේක ලෝකයේම ජනප්‍රිය කතා මාලාවක් උනා. සීසන් පහකින් සමන්විත මේ කතා මාලාවෙ එක් සීසන් එකක විනාඩි 45 කොටස් 13 ක් පමන තියෙනව. IMDB Rating වල 7.9 ක් වගේ ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව Adventure, Drama, Family යටතට ගන්න පුලුවන්.
කතාව ගැන පොඩි හැදින්වීමකුත් කරන්නම්කො. මේ කතා මාලාවෙ කතා නායකය වන්නේ Merlin (මර්ලින්) කියන තරුණයයි. එමෙන්ම ඔහු මායා පිලිබද හසල දැනුමක් ඇති තරුණයෙකි. මේ අතරතුර Merlin ට රාජකීය වෛද්‍යවරයා වන Gaius නැමැති පුද්ගලයාව මුනගැසෙනව. ඔහුත් මර්ලින්ට යම් යම් දේ කියා දෙනව. කොහොම නමුත් මර්ලින්ට පසුව දැනගැනීමට ලැබෙනව ඔහුගේ දෛවය වන්නේ අනාගත රජු වන ආතර් කුමරුව ආරක්ශා කිරීම බව. ඉතිං ඔහු ඒ වෙනුවෙන් සටන් කරනව. මේ සටන් වලදී බිහිසුනු අත්දැකීම් වලට මුහුණපෑමට ඔහුට සිදු වෙනව.
ඔහුට මොන වගේ බාධක වලට මුහුණ පෑමට සිදු වෙයිද, ඔහුගේ දෛවය සාර්ථක කර ගැනීමට ඔහුට හැකිවෙයිද? ඒ පිලිබදව දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනව. මායා වලින් සහ සටන් වලින් පිරුනු මේ කතා මාලාවට ඔයාල අනිවාර්යෙන්ම කැමති වේවි.
Dragon Ball GT TV Series

Ten years after leaving friends and family to hone his skills, Goku has become helpless against the mystic power of the Dragon Balls when a wish made by devious Emperor Pilaf -- that Goku become a child -- comes true. Despite the setback, Goku teams with his granddaughter, Pan, and Capsule Corp. President Trunks to go to outer space to find the missing Black Star Dragon Balls. Unknown to Goku and his team, the balls have a secret: If they are not collected within a year, Earth will be destroyed.
Subscribe to:
Posts (Atom)