Merlin TV Series



සුපුරුදු විදිහටම ඔන්න අදත් ඔයාල කැමති වෙන විදිහෙ කතා මාලාවක් අරගෙන ආව. මේ කතා මාලාව විකාශනය ආරම්භ කල 2008 වසරේ ඉදන්ම මේක ලෝකයේම ජනප්‍රිය කතා මාලාවක් උනා. සීසන් පහකින් සමන්විත මේ කතා මාලාවෙ එක් සීසන් එකක විනාඩි 45 කොටස් 13 ක් පමන තියෙනව. IMDB Rating වල 7.9 ක් වගේ ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව Adventure, Drama, Family යටතට ගන්න පුලුවන්. 

කතාව ගැන පොඩි හැදින්වීමකුත් කරන්නම්කො. මේ කතා මාලාවෙ කතා නායකය වන්නේ Merlin (මර්ලින්) කියන තරුණයයි. එමෙන්ම ඔහු මායා පිලිබද හසල දැනුමක් ඇති තරුණයෙකි. මේ අතරතුර Merlin ට රාජකීය වෛද්‍යවරයා වන Gaius නැමැති පුද්ගලයාව මුනගැසෙනව. ඔහුත් මර්ලින්ට යම් යම් දේ කියා දෙනව. කොහොම නමුත් මර්ලින්ට පසුව දැනගැනීමට ලැබෙනව ඔහුගේ දෛවය වන්නේ අනාගත රජු වන ආතර් කුමරුව ආරක්ශා කිරීම බව. ඉතිං ඔහු ඒ වෙනුවෙන් සටන් කරනව. මේ සටන් වලදී බිහිසුනු අත්දැකීම් වලට මුහුණපෑමට ඔහුට සිදු වෙනව. 

ඔහුට මොන වගේ බාධක වලට මුහුණ පෑමට සිදු වෙයිද, ඔහුගේ දෛවය සාර්ථක කර ගැනීමට ඔහුට හැකිවෙයිද? ඒ පිලිබදව දැනගන්න නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනව. මායා වලින් සහ සටන් වලින් පිරුනු මේ කතා මාලාවට ඔයාල අනිවාර්යෙන්ම කැමති වේවි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work