Healer TV Series



ඔන්න එහෙනම් අදත් අපි ආව තවත් ලස්සන කොරියන් කතා මාලාවකුත් අරගෙන. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2014 වසරේදීයි. IMDB දර්ශකයේ 8.7 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Comedy, Drama කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. කතාව ගැන දැනගන්න ඔන්න අපි පහලින් දාල තියෙනව බයිස්කෝප් අඩවිය කතා මාලාව වෙනුවෙන් පල කල ලිපිය.

එකිනෙකට වෙනස් චරිත තුනක් තමන්ගේ හීන හැබෑ කර ගන්න උත්සහ කරනවා . හැබැයි ඒක ඒ තරම් ලේසි වෙන්නේ නෑ .හීන කොහොමත් හැබෑ කරගන්න ලේසි නෑනේ. එතකොට කතා මාලාවෙ Healer කියන්නේ කවුද කියල ඔයාලට මුලදිම තේරුම් ගන්න පුලුවනි. එයාගේ හීනේ ලේසිපහසු හීනයක් නෙවේ. ඒ හීනෙ වෙනුවෙන් තමයි එයා සේරම කරන්නේ. එතකොට යොන්ග් සින්ග් කියන්නේ අනාගතේ ජනප්‍රිය වාර්තාකාරිනියක් වෙන්න හීන මවන දඟකාර, කටකාර ගෑනු ළමයෙක්. හැබැයි මොළේ නම් ටිකක් අඩුයි. මූන් හෝ කියන්නේ බොහොම ජනප්‍රිය මාධ්‍යවේදියෙක්. අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් හඩ නගන හොද මහත්මයෙක් විදියට තමයි අපිට එයාව දැක ගන්න ලැබෙන්නෙ. ඒ වගේම එයා යම්කිසි ලමයෙක් ගැන විස්තර හොයනව. කොයි තරම් හොද දේවල් කරත් මූන් හෝ ලොකු සිත් තැවුලකින් ඉන්නේ. ඒ ඇයි? එතකොට මූන් හෝ හොයන ළමයා කවුද මේ හැමදේම කතාව බලද්දි ටික ටික එළියට එනවා. මේ කතාවේ තව වැදගත් ම චරිතයක් තමයි Healer එක්ක වැඩ කරන අජුම්මා. අජුම්ම ගැන ඔයාලට කතා මාලාව බලද්දි දැනගන්න පුලුවන්.

එහෙනම් ඉතින් මේ ලස්සන කොරියානු කතා මාලාව බලන්න කියල අපි ඔයාලටත් ආරාධනා කරනව. කොරියානු කතා මාලාවන්ට ආදරය කරන ඔබ මේ කතා මාලාවත් ආදරයෙන් වැලදගනියි කියල අපි හිතනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work