Emerald City TV Series



මෙම කතා මාලාව 2016 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුල NBC නාලිකාව හරහා විකාශනය වූ කතා මාලාවකි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 7.3 ක අගයක් ලබා ගෙන තියෙන මේ කතා මාලාව Adventure, Drama, Fantasy කියන කාණ්ඩයන් යටතේ වර්ග කිරීමට පුලුවන්. කතා මාලාව ගැන බයිස්කෝප් අඩවියේ පල වුනු ලිපියේ උපුටා ගැනීමක් ඔයාලට පහලින් බලන්න පුලුවන්.

එමරල් සිටි කතාමාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ ජනප්‍රිය විද්‍යාප්‍රබන්ධ කතා පොත් සමූහයක් පාදක කොට ගෙනයි. “The Oz books” මෙම පොත් පෙල ආරම්භ වෙන්නේ The Wonderful Wizard of Oz (1900) යන පළමු කෘතියෙන් සහ එහි අන්තර්ගතය සහ එයින් කියවෙන්නේ Land of Oz (මායා නිජබිමේ) ඉතිහාසය ගැන ප්‍රථම වතාවට ලොවට ඒ ගැන ප්‍රතිරූපයක් ගොඩනැංවීමයි. මේ ජනප්‍රිය පොත් සමූහයට අයිතිකම් ලබන්නේ L.Frank Baum. ඔහු ගොඩනගාගත්ත ඒ අපූරූ විද්‍යා ප්‍රබන්ධිත මායා ලෝකය කෙතරම් දුරට විහිදිලා තියනවද යන්න සැලකෙන්නේ ඔහු විසින් රචිත පොත් දාහතරක කතා ගොන්න පරිශීලනය කිරීමෙනි. මේ පොත් සියල්ලම ලියවුනේ ඇමරිකානු එක්සත් ජනපදයේ. ඔහු ජීවත් වෙලා සිටින කාලයේදී ඔහුට මායා නිජබිමේ රාජකීය ඉතිහාසකරු කියලා හැදින්වූයේ ඔහු එම කෘතීන්වල තිබෙන ඒ සංකල්පය සත්‍යක් බවට පුන පුනා ඉදිරිපත් කල නිසා. ඒ මිත්‍යා සංකල්පය නිර්මාණ කිරීමට කතා පොත් මාලා සමූහයටම දොරති සහ ඔස්මා කුමරිය යන අය මායා නගරයේ සිදුකල වික්‍රමයන් යොදාගෙන තියෙනවා. ඉතින් මේ කෘතීන් ජීවමාන කරමින් නිර්මාණය වුනු කතා මාලාව කොතරම් දුරට සාර්ථකද කියල දැනගන්න ඔයාලටත් වෙනව මේ කතා මාලාව නරඹන්න.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work