24 (Twenty Four) TV Series



ඔන්න සුපුරුදු විදිහට අදත් ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන ආව. මේ කතා මාලාව ගැන නොදන්න කෙනෙක්නම් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක් වේවි. මොකද මේ කතා මාලාව ඒ තරමටම ජනප්‍රිය වෙච්ච එකක්. 2001 වර්ෂයේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාවෙ සීසන් අටක් නිකුත් වෙලා තියෙනව. 2010 වර්ෂයේදී කතා මාලාව අවසන් උනත් කතා මාලාවෙ තියෙන ජනප්‍රියත්වය නිසා නිෂ්පාදකයින් 2014 වර්ෂයේදී කතා මාලාවට තවත් අලුත් කොටසක් එකතු කලා. ඒක විකාශනය උනේ අතුරු කතා මාලාවක් විදිහටයි. 24: Live Another Day කියල විකාශනය උන ඒ කතා මාලාවත් පහුගිය දවසක අපි ඔයාලට අරගෙන ආව. ඒ ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න.  IMDB Rating වල 8.4 ක ඉහල අගයක් හිමිකරගෙන තියෙන 24 කතා මාලාව Action, Drama, Mystery යටතේ වර්ග කරන්න පුලුවන්. 

කතාව ගැන පොඩි හැදින්වීමක් කරනවනම්. මේ කතාවේ කතා නායකය ලෙස පෙනී ඉන්නෙ Jack Bauer (Kiefer Sutherland) නම් පුද්ගලයෙක්. ඔහු ප්‍රභූවරුන්ට ආරක්ශාව සපයන කණ්ඩායමක ප්‍රධානියා ලෙස තමයි කටයුතු කරන්නෙ. ඔවුන්ගේ කණ්ඩායම විසින් ජනාධිපති ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන David Palmer ඝාතනය කිරීමේ ත්‍රස්ථවාදීන්ගේ සැලැස්මක් අනාවරනය කර ගන්නව. මේ අතරවාරයේදී ජැක්ගේ දියණිය එකවරම අතුරුදහන් වෙනව. 

ජැක්ගේ දියණිය අතුරුදහන් වීමට හේතුව කුමක්ද, David Palmer ඝාතනය කිරීමට සැලසුම් කරන්නේ කවුරුන්ද, මේ සියල්ල ජැක්ට අනාවරනය කර ගැනීමට හැකි වෙයිද? මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් ඔයාලත් කතාව අරගෙනම බලන්න. සටන් ජවනිකා වලින් අඩුවක් නැති මේ කතා මාලාව ඔයාලට බලන්න ආස හිතෙන විදිහෙ කතා මාලාවක් වෙයි කියන එක නම් අපිට හොදටම විශ්වාසයි.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work