Narcos TV Series


ඔන්න අපේ යාලුවන්ට සුපිරි කතා මාලාවකුත් අරගෙන අපි ආව ඔයාලව හම්බවෙන්න. මේ කතා මාලාවෙ නම දැක්ක ගමන් අපේ යාලුවො ගොඩ දෙනෙක් දන්නව මොකද්ද අද අපි අරගෙන ආවෙ කියල. මේක ඒ තරමටම අපේ යාලුවො අතර ජනප්‍රිය වුනු කතා මාලාවක්. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.9 ක් වගේ ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව විකාශණය ආරම්භ කරක තියෙන්නෙ 2015 වසරේදීයී. ඔයාලට කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න අපි පහලින් දානව බයිස්කෝප් ටීම් එක මේ කතා මාලාව වෙනුවෙන් ලියපු ලිපිය.
අහල තියනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ගැන. ඇත්තටම කවුද මේ පැබ්ලෝ එස්කොබාර්? කෙටියෙන්ම කීවොත් 1949 දෙසැ.01 දින මෙලොව එලිය දැක 1993 දෙසැ.02 දින මිය ගිය කොකේන් මත්ද්‍රව්‍ය ලොවේ අධිරාජ්‍යායි තමයි මේ. කොලොම්බියාවේ Rionegro හි දී හත්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා ලෙස උපත ලැබූ ඔහු තරුණයෙකු ලෙස මුල දී කොලොම්බියාවෙ මෙඩෙලින් නගරයේ වීදි වල සුළු සොරකම් හා ජාවාරම් කරමින් සිය සාපරාධී ජීවිතය ආරම්භ කළා. පැබ්ලෝ අවසානයේ ඔස්කාර් බර්නල් අගියුරේ සමග බොහෝ සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ වුණා. ඒ කොච්චර ද කියනව නම් යන්තම් වයස 22 වන විට ඔහු ප්‍රකෝටිපතියෙකු බවට පත්වුණා.
80 දශකයේ දී එක්සත් ජනපදයේ භාවිතා කරන ලද කොකේන් වලින් 80%ක අපනයන හිමිකරුවා වුණේ මොහුයි. කොලොම්බියාවෙන් බිහි වූ ධනවත්ම සහ භයානකම අපරාධකරු වන්නේ ද මේ පැබ්ලෝ මයි. එක්සත් ජනපද ඇස්තමේන්තු වලට අනූව ඔහුගේ ශුද්ධ වත්කම ඇ.ඩො. බිලියන 30ක් සහ 90 දශකයේ මුල් භාගය වන විට කොලොම්බියාව පුරා විවිධ ස්ථාන වල සඟවා තැබූ මුදල් ද එක්ව එය ආසන්න වශයෙන් බිලියන 100$ ක් විතර කියල ගණන් බලල තියනවා (අද වෙනකොට බිල් ගේට්ස් ගෙ වත්කමත් ඇ.ඩො.බිලියන 90ක් විතර. හිතාගන්න පුළුවන්ද සල්ලි කන්දෙ තරම) . ඒ වන විට ඔහු ලෝකයේ ධනවත්ම පුද්ගලයින් දස දෙනාගෙන් කෙනෙක් ද වුණා. ඉතින් ඔබට මේ කතා මාලාවෙන් ගෙනහැර දැක්වෙන්නේ ලොව මෙතෙක් බිහි වූ ධනවත්ම සහ බලවත්ම සහ කුප්‍රකටම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ හොරා පොලිස් සෙල්ලමයි. මත්ද්‍රව්‍ය ජාවාරම් ලොවේ රජු වන මේ කුප්‍රකට පැබ්ලෝ එස්කොබාර් නීතියේ රැහැනට හසු කරගැනීම් බර කර මතට ගන්නෙ ඇමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නියෝජිත ස්ටීව් මර්ෆි යි.
සත්‍ය සිදුවීම් සහ චරිත පාදක කොටගෙන, සිදුවීම් වලට පාදක වූ සත්‍ය ස්ථාන වලම රූගත කිරීම් කරන ලද මෙම ඇමරිකානු රූපවාහිනී කතා මාලාව විකාශය ආරම්භ කලේ 2015 අගෝස්තු 15 දිනයි. ඒ වගේම සමහර සිදුවීම් වලට අදාල සත්‍ය වීඩියෝ දර්ශන ද මේ කතා මාලාව නිර්මාණය කරන කොට ඇතුලත් කරල තියනවා.ඒ කියන්නෙ නළුවට අමතරව ඇත්තම පැබ්ලෝ එස්කොබරුත් ඉන්නවා. ඒ වගේම ඔබ නැරඹිය යුතුම ගණයේ කතාවක් ලෙසට ද මෙය ඉහලින්ම නිර්දේශ කිරීමට හැකිය. ඒ වගේම මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු (18+) බවත් මතක් කරන්න ඕනෙ. ඉතිං අපි පැබ්ලෝ එස්කොබාර්ගෙ කොකේන් එක්ක යමු සවාරියක්. ඇමසන් වනයේ කොකේන් නිෂ්පාදනාගාර වලට,තරු පහේ හෝටල් වලට, මිටි ගණන් සල්ලි කඳු උඩට.