Descendants of the Sun TV Series


ඔන්න එහෙනම් අපි තවත් ලස්සන කොරියන් කතා මාලාවක් ගෙනාව අපේ යාලුවන්ට. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2016 වසරේයි. IMDB දර්ශකයේ 8.6 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Romance කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. කතා මාලාව ගැන හොදින්ම දැනගන්න ඔන්න පහල දාල තියෙනව බයිස්කෝප් අඩවිය මේ කතා මාලාව වෙනුවෙන් පලකල ලිපියෙ උපුටා ගැනීමක්.
මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ හමුදා සෙබලෙකුත් ලස්සන වෛද්‍යවරියකුත් තමයි. ඒත් මේ කතාව හුදෙක්ම ආදර කතාවක් නෙවෙයි. හමුදා නිළ ඇඳුමට යටින් තියෙන්නෙ කොයි තරම් මෘදු, කාරුණික හදවතක්ද කියලා මේ කතාවෙන් අපිට බොහොම ලස්සනට පෙන්වනවා. අපි නොහිතන තරම් කැපවීම් කරල තමන් කවදාවත් නොදැකපු අඳුනන්නෙ නැති අයව රකින්න තමන්ගෙ ජීවිතේ ලස්සනම කාලෙ යොදවන නිර්භීත හමුදා භටයින් ගැන අපිට මේ කතාවෙන් බලාගන්න පුලුවන්. මේ කතාවෙ ප්‍රධාන චරිත දෙක තමයි Shi-Jin (Song Joong-Ki) කියන විශේෂ බලකායේ හමුදා සෙබලා සහ Mo-Yeon (Song Hye-Kyo) කියන ලස්සන වෛද්‍යවරිය.
විශේෂ බලකායෙ හමුදා සෙබලුන් දෙදෙනෙක් වෙන ශි ජින් සහ ඩේයි යොන්ග් දෙන්නා විශේෂ මෙහෙයුමකින් පස්සේ නිවාඩුවකට යනවා. ඒ ගමනෙදි නොහිතපු දෙයකට මැදිහත් වෙන්න වෙන මේ යාලුවො දෙන්නට හරි වැඩක් තමයි වෙන්නේ. ඒක පොඩි කරදරයක් වුනත් ඒකෙන් බොහොම හොඳ දේකුත් වෙනවා. ඒක තමයි ශි ජින් ට තමන්ගෙ හිත ගිය ලස්සන පුංචි වෛද්‍යවරියක් හමුවෙන එක. ඒ හමුවීම නම් මතකහිටින විදිහෙ හමුවීමක්. පළමු හමුවීමෙන්ම ඇයට හමුවකට ආරාධනා කරන්න තරමට ඔහු නිර්භීත වෙනවා. මේ කඩවසම් පිරිමියට හිත යන වෛද්‍යවරියත් ඒකට අකමැත්තක් දක්වන්නෙ නැහැ. ඉතින් දෙන්නම බොහොම ආසාවෙන් හමුවෙන මේ පලමු හමුවීම කොයි වගේ එකක් වෙයිද.
එහෙනම් ඉතින් ලිපිය කියෙවුවම අපේ යාලුවන්ට හොද අදහසක් එන්න ඇතිනෙ මේ කතා මාලාව කොයි තරම් ලස්සන කතාවක්ද කියන එක. එහෙනම් ඉතින් කතාවෙ ඉතිරිය දැනගන්න කතා මාලාව අරගෙන බලන්න ඔයාලට පුලුවන්. කොරියන් කතා මාලාවන්ට ආදරය කරන ඔයාලත් මේ කතා මාලාවට කැමති වෙන බව නම් නොඅනුමානයි.