11.22.63 TV Series


මේක 2011 නොවැම්බර් 8 වැනිදා ස්ටීවන් කින් විසින් ප්‍රකාශයට පත් කරන ලද 11/22/63 ග්‍රන්ථය පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ පොත ගැන කතා කරනවා නම් විශාල වශයෙන් අලෙවි වුන බොහොම ජනාදරයට පාත්‍ර වුන පොතක්. Mystery, Sci-Fi, Thriller කියන කාණ්ඩයන්ට තමයි මේ කතා මාලාව අදාළ වෙන්නේ. මේ වෙන විට IMDB 8.2 වගේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා. ඉතින් කියන්න ඕනේ නැහැනෙ කතාව කොහොම ඇති ද කියලා.
ජේක් කියන්නේ පාසල් ගුරුවරයෙක් ඔහු හැමදාම කෑම ගන්නා ආපනශාලාවක් තියනවා මේකේ වැඩ කරන්නේ ඇල් කියලා කලක් ඉදලා දන්නා හදුනනා පුද්ගලයෙක්. දවසක් කෑම ගන්නා අතරේ ජේක්ට ඔහුගේ බිරිද දික්කසාද ලියවිලි ගෙනත් දෙනවා අත්සන් කරන්න මේ අතරේ ඇල් යනවා කුස්සියට. නමුත් මේ ලිපිගොනු අත්සන් කරලා හැරෙන පරක්කුවට ඇල් එනවා මල මිනියක් වගේ සුදු මැලි වෙලා, වෛද්‍යවරුන්ට අනුව ඔහුට පිළිකාවක් තවත් ජිවත් වෙන්න වැඩි කාලයක් නැහැ. ජේක්ට මේක මහා ප්‍රහේලිකාවක් වෙනවා එක මොහොතක හොඳට හිටිය මිනිහා ඊලග මොහොතේ කොහොම එකපාර මෙහෙම අසනීප වෙන්න ද? ඊලග දවසේ ඔහුට එන්න කියනා ඇල් ජිවිතයට විශ්වාස කල නොහැකි අමුතුම කතාවක් කියනවා ජේක්ට. ඒ තමුන්ගේ කුසියේ අල්මාරියක් ඇතුලෙන් ගියාම 1960 ට යන්න පුළුවන් බව.
පිස්සු…. තනිකරම පිස්සු… හැබැයි ඒක තමා ඇත්ත. ඇල් ගේ ඉල්ලීම වෙන්නේ 1960 ට ගිහින් වසර 3 කට ආසන්න කාලයක් එහෙ ගත කරලා 1963 දී සිද්ධ වෙන ජෝන් එෆ්. කෙනඩි ඝාතනය වලක්වන්න කියන එක. ජේක් මුලින් කැමති වුනේ නැතත් පස්සේ ඔහු ඒකට කැමති වෙනවා. ඉතින් ඔහුට ලැබෙනවා 1960 න් පස්සේ තරග ප්‍රතිඵල පොතක්, කෙනඩි ඝාතනය ගැන ඇල් හොයාගත් තොරතුරු ගොන්නක් වගේ සෑහෙන දේවල්. බලන්න ඔහුගේ අරමුණ ඉටුවේවි ද බලන්න.