A Thousand Days' Promise TV Series



තවත් ලස්සන කොරියානු කතා මාලාවකුත් අරගෙන ඔන්න අදත් අපි ආව අපේ යාලුවන්ව හම්බවෙන්න. මේ කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2011 වසරේදීයි. IMDB දර්ශකයේ 8.3 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Drama, Romance කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. අපේ යාලුවන්ට කතා මාලාව ගැන දැනගන්නත් එක්ක ඔන්න අපි පහල දාල තියෙනව බයිස්කෝප් අඩවියේ මේ කතා මාලාව වෙනුවෙන් පල වුනු ලිපියෙ උපුටා ගැනීමක්.

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම ඇයගේ මව ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී හා විවාහ ගිවිසගෙන අවසානයි. ඔහුගේ හා යැං ජීගේ විවාහය කුඩා කලම දෙපවුලේ දෙමාපියන් විසින් තීරණය කල දෙයක්. එහෙත් පාක් ජී යුන් හදවතින්ම ආදරය කළේ, ආදරය කරන්නේ සී යුන්ට පමණයි. ඔහුගේ ලෝකයේ ආදරය හිමි ඇයට පමණයි. එහෙත් මේ ප්‍රේමය එතැන් පටන් විවිධ හැලහැප්පීම්වලට මුහුන දෙනවා. පාක් ජී යුන් ඔහුගේ ධනවත් පවුල හැරදා පැමින තමන් හා දුක් ගැහැට විදිනවා දකින්නට සී යුන් කැමති නැහැ. ඒ නිසා ඈ ඔහු හා විවාහ වන අදහස අත්හැර දමනවා. පාක් ජී යුන් අසරණයි. ගිවිසගත් විවාහය ඔහුට අත්හැර දමන්නත් බෑ. මෙකී ජීවන අන්දරය එතැන් පටන් විවිධ මංපෙත් මාවත් ඔස්සේ ගමන් කරනවා. එපමණක් නොව, සියල්ලන් වික්ෂිප්ත කරමින්, සියල්ලන් මවිත කරමින් සී යුන්ගේ ජීවිතය ඇගෙන් ඇගිලි තුඩු අගින් ගිලිහෙන්නට ගන්නවා. මතකයේ ඇති සියල්ල මැකී යන ‘‘ඇල්සයිමර්‘‘ නම් භයානක රෝගයේ අනසකට ඇය නතුවන්නේ මේ අතරතුරේදියි.

ආදරයත්, තම මතකයනුත් ඇයට අභියෝග කරන අතරතුරේ ඇය මේ සියල්ලන්ට මුහුන දෙමින් ජීවිතයේ ඉදිරියට ගමන් කරන හැටි බලන්න ඔයාලත් කැමති වෙන බව නම් නොඅනුමානයි. එහෙනම් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ ලස්සන කතා මාලාව කොයි වගේද කියල ඔයාලම බලල තීරණය කරන්නයි කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work