City Hunter TV Series


කතාව ගැන විස්තරයක් කියනවා නම් මේ කතා මාලාව ආදර කතාවක් මෙන්ම ටිකක් සටන් ජවනිකා තියන කතාවක් කියලා කියන්න පුලුවන්. 1983දි දකුණු කොරියාවේ ජනාධිපතිව බොම්බ ප්රහාරයකින් ඝාතනය කරනවා. එතැනින් පටන් වසර ගනනාවකට පස්සේ ඒ සිදුවිමත් එක්ක සිදුවු සිදුවිම් පෙළක් තමයි මේ කතාමාලාවේ දිගහැරෙන්නේ. ඒ පිළිබදව සොයා බලන රහස් පරික්ෂකවරයෙකු වටා තමයි කතාව තියෙන්නේ. සිටි හන්ටර් එහෙමත් නැත්නම් මේ පරික්ෂකයාට අවවාද කිහිපයක් දිලා තියෙනවා. ඒ තමයි කාවවත් විශ්වාස කරන්න යන්න එපා. ඒ වගේම ආදරය කරන්න යන්න එපා කියලා. නමුත් ඔහුට මේ මෙහෙයුම අතරේ Kim Na-na නැමැති සුරුපි තරුණිය හමුවෙනවා. මෙතැනින් පසුව සිදුවන සිදුවිම් සියල්ල නැරබිම ඔබට බාරයි.අපිට පෙනෙන දෙවල් නෙමෙයි සැබැවටම වෙන්නේ කියලා ඔබටත් හිතෙන්න ගනිවි.
එහෙනම් ඉතින් දැන් ඔයාලට කතාව ගැන හොද අවබෝධයක් ලැබෙන්න ඇතිනෙ. දැන් ඉතින් තියෙන්නෙ කතා මාලාව බලන එක තමයි. කොරියන් කතා මාලාවන්ට ආදරය කරන ඔබ මේ කතාවටත් කැමති වෙන බව නම් නොඅනුමානයි.