Fringe TV Series



ඔන්න අපි අරගෙන ආව තවත් සුපිරි කතා මාලාවක්. අත්භූත දේවල් සහ අභිරහස් දේවල් වලින් පිරිච්ච කතා මාලාවක් තමයි මේක. මේ කතාව නිර්මාණය කරල තියෙන්නෙ අපි කවුරුත් බලල තියෙන Transformers, Star Trek, Mission: Impossible වැනි චිත්‍රපට නිර්මණය කරන ලද J.J. Abrams විසිනුයි. 2008 වර්ශයේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. Drama, Mystery, Sci-Fi යටතට ගැනිය හැකි මෙම කතා මාලාව IMDB Rating වල 8.4 ක ඉහල අගයක් හිමි කරගෙන තිබෙන කතා මාලාවක්.

කතාව ගැන පුංචි හැදින්වීමක් කරනවනම්, මේ කතා මාලාවේ කතා නායකයන් ලෙස කටයුතු කරන්නේ Olivia Dunham (Anna Torv) සහ Peter Bishop (Joshua Jackson) යන සුප්‍රසිද්ධ නළු නිලියන් දෙදෙනායි. මොවුන් දෙදෙනා FBI එකට අනියුක්තව සේවය කරන විශේෂිත වූ නියෝජිතයින් දෙදෙනෙකි. නමුත් ඔවුන් හඹා යන්නේ සාමාන්‍ය අපරාධ නොවෙයි. FBI එකට විසදීමට අපහසු අත්භූතජනක සහ අභිරහස් අපරාධ පසුපසයි ඔවුන් හඹා යන්නේ. මේ කාර්යේදී Peter Bishop ගේ පියා වන Dr. Walter Bishop (John Noble) ද ඔවුන්ට උදවු කරනවා. 

ඉතිං ඔවුන් මේ අත්භූත කතා වලට විසදුම් සොයන හැටි ඔයාලටත් බලාගන්න පුලුව මේ කතා මාලාව බලල. අත්භූත කතා මාලාවන්ට කැමති අය නම් මේ කතා මාලාවට කැමති වෙන බවට නම් සැකයක් නෑ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work