Beauty and the Beast TV Series



ඔන්න අදත් ඔයාලට අපි අරගෙන ආව තවත් සුපිරි කතා මාලාවක්. මේ කතා මාලාවෙ නම දැකපු ගමන් ඕනෙම කෙනෙක් දන්නව අපි අරගෙන ඇවිත් තියෙන්නෙ මොකක්ද කියල. Beauty and the Beast කියන්නෙ ගොඩක් දෙනෙක් ආස කරන ෆිල්ම් එකක්නෙ. මේකෙ පලමු ෆිල්ම් එක නිකුත් උනේ 1946 වසරේදීයි. ඊට පස්සෙ 1991 වසරේදී මේ ෆිල්ම් එක කාර්ටූන් එකක් විදිහට නිකුත් වුනා. මේ ෆිල්ම් දෙකම IMDB Rating වල 8.0 වගේ ඉහල අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනව. 

ඔයාලට මේ කිවුවෙ Beauty and the Beast කතාවේ ඉතිහාසය. අද අපි ඔයාලට අරගෙන ආවෙ කලින් කියපු දෙකෙන් එකක්වත් නෙවෙයි. අද අපි ඔයාලට දෙන්න යන්නෙ 2012 වසරේදී විකාශනය ආරම්භ කල Beauty and the Beast ටීවී සීරීස් එකයි. මේක කලින් කියපු කතා දෙකට වඩා වෙනස්ම විදිහකට ගලාගෙන යන කතා මාලාවක්. ඒ වුනත් පරණ කතා තරම්ම රසවත් විදිහට මේකත් නිෂ්පාදනය කරල තියෙනව. IMDB Rating වල 7.2 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ කතා මාලාව Drama, Thriller කියන වර්ගයන්ට බෙදා දක්වන්න පුලුවන්. 

එහෙනම් ඉතිං කතාව ගැන පොඩි හැදින්වීමකුත් කරන්නම්කො. කතාවේ ප්‍රධාන චරිත වෙන්නෙ Catherine Chandler සහ Vincent Keller යන දෙදෙනායි. කැත්‍රින්ගේ චරිතයට පන පොවන්නෙ ඔයාල කවුරුත් දන්න හදුනන සුරූපී නිලියක් වන Kristin Kreuk. කතාවේ විදිහට වින්සෙට් කෙලර් ඉතාමත් කඩවසම් තරුණ වෛද්‍යවරයෙක්. නමුත් යම්කිසි හේතුවක් නිසා ඔහුට තරහ ගියවිට ඔහු ඉතාමත් භියකරු පාලනයෙන් තොර රාක්ෂයෙක් බවට පත් වෙනව. කොහොම නමුත් කැත්‍රින් වින්සෙන්ට් කෙලර් සමග ආලයෙන් වෙලෙනව. ඔවුන් දෙදෙනා සාමාන්‍ය යුවලක් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනව. නමුත් ඔවුන්ව අල්ලාගැනීමට උත්සාහ කරන කණ්ඩායමකුත් මේ කතාවේ ඉන්නව. 

කතාව ගැන මම කියනවට වඩා හොදයි ඔයාලම කතාව අරගෙන බලනවනම්. ඔයාල බලල තියෙන පරණ කතා වලටත් වඩා රසවත් විදිහට තමයි කතාව නිර්මානය කරල තියෙන්නෙ.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work