2 Broke Girls TV Series


ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවෙ Comedy වලින් පිරිච්ච ටීවි සීරීස් එකක්. 2011 වර්ෂයේදී විකාශනය ආරම්භ කල මේ කතා මාලාව IMDB දර්ශකයේ 6.7 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව. ඒ වගේම Comedy ටීවී සීරීස් බලන අය අතර ජනප්‍රිය කතා මාලාවක් තමයි මේ කතා මාලාව.
කතාව ගැන පොඩි විස්තරයක් කරනවනම්, මේ කතාවෙ ප්‍රධාන චරිත දෙකක් තියෙනව. ඉතාමත් විනෝදකාමී ජීවිතයක් ගත කරන තරුණ ගැහැනු ලමයි දෙදෙනෙකු වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. කතාවෙ නම බලපු ගමන්ම ඔයාලට තේරෙන්න ඇතිනෙ කවුරු වටා ගෙතෙන කතාවක්ද කියල මේක.
මැක්ස් කියන්නෙ රාත්‍රී සමාජ ශාලාවක වැඩ කරන තරුණියක්. ඇය තමයි මේ කතා මාලාවෙ එක් ප්‍රධාන චරිතයක් වෙන්නෙ. අනෙක් ප්‍රධාන චරිතය තමයි කැරොලින් ඇය මේ සමාජ ශාලාවට අලුතින් එකතු වන කෙල්ලක්. කොහොම් හරි මේ දෙදෙනා නවාතැන් ගන්නෙත් එකම නිවසක. ඉතිං සමාජ ශාලාවක ඉන්න කෙල්ලොන්ට ඒකට එන අය සලකන විදිහ ඔයාල දන්නවනෙ. මේ වගේ කරදර වලින් බේරිල සමාජ ශාලාවේ වැඩ කරගෙන යා යුතු ආකාරය මැක්ස්, කැරොලින්ට ටිකෙන් ටික කියල දෙනව. මේ අතරතුරේදි මරු ජෝක් කෑලිත් සෙට් වෙනව. මම කතාව ගැන විස්තර කරනවට වඩා හොදට ඔයාලට මේක රසවිදින්න පුලුවන් මම දාල තියෙන ට්‍රේලර් එක බැලුව නම්.