Legend of the Seeker TV Series



ඔන්න අදත් අපි ඔයාලට සුපිරි කතා මාලාවක් අරගෙන ආව. මේ කතා මාලාව 2008 දී විකාශනය වූ කතා මාලාවක්. IMDB Rating වල 7.4 ක අගයක් හිමි කරගෙන තිබෙන මෙම කතා මාලාව Action, Adventure, Drama යන වර්ගයන්ට ඇතුලත් කල හැක. 

එහෙනම් ඉතිං කතාව ගැන නොදන්න අයට දැනගන්නත් එක්ක අපි පොඩි විස්තරයක් කරන්නම්කො. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ රිචඩ් සයිපර් නැමැති තරුණයෙක්. නමුත් බොහෝ දෙනෙක් ඔහු හදුන්වන්නෙ සීකර් (සොයන්නා) යන නමිනුයි. සීකර්ගේ කාර්‍යය වන්නේ නපුරින් මිනිසුන්ව ආරක්ශා කර ගැනීමයි. මේ කටයුත්ත කරගෙන යාමට ඔහුට උදවු වන්නේ කෙයිලාන් ඇමිනෙල් (පාපොච්චාරණය කරන්නිය) සහ සෙඩිකස් නම් පලමු ගණයේ මන්ත්‍ර කරුවායි. 

මේ කාලයේදී ලෝකය පාලනය වන්නේ ඩාර්කන් රහල් කියන කුරිරු පාලකයාගේ අතිනුයි. සීකර්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ඩාර්කන් රහල් මරා දමා මේ අදුරු පලනයෙන් මිනිසුන් මුදා ගැනීමයි. ඩාර්කන් රහල්ව මරා දැමිය හැක්කේ සීකර් ලග ඇති සත්‍යයේ අසිපතට පමනි. එමෙන්ම එය සිදුවිය යුත්තේ සීකර්ගේ අතින්ම පමනි. මේ නිසා ඩාර්කන් රහල් රිචඩ් සයිපර්ව මරා දැමීමට තම උපරිම වෙහෙස යොදනවා. 

සටන් වලින් හා විශ්මිත මන්ත්‍ර වලින් පිරි මේ කතා මාලාව බලලම ඔයාල දැනගන්නකො මේ සටනින් කවුරු දිනයිද කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work