Alcatraz TV Series



ඔන්න අපේ යාලුවන්ට සුපිරි කතා මාලාවක් අරගෙන අදත් අපි ආව. අනෙක් ටීවී සීරීස් වලට වඩා වෙනස්ම කතා තේමාවක් තියෙන මේ කතා මාලාවට ඔයාල ගොඩ දෙනෙක් කැමති වෙයි කියල අපි හිතනව. 2012 දී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ . IMDB Rating වල 7.0 වගේ අගයක තියෙන මේ කතා මාලාව Action, Crime, Drama යටතේ වර්ග කරන්න පුලුවන්. 

කතාවෙ වෙන්නෙ මොකක්ද කියන එක ගැන මං ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. විශේෂිත වූ සිරකරුවන් රදවගෙන ඉන්න රජය මගින් පාලනය වෙන සිර කදවුරක් තමයි අල්කට්‍රා කියන්නෙ. 1963 මාර්තු 21 වෙනිද මේ සිරකදවුරේ හිටපු සිරකරුවන් හා ආරක්ෂකයන් හිටිහැටියේම අතුරුදහන් වෙනව. රජයට හිතාගන්න බැරි වෙනව සිදු වුනේ මොකක්ද කියන එක ගැන. සිරකරුවන් විශාල පිරිසක් එකවර අතුරුදහන් වූ බව ජනතාවට කියන්න බැරි නිසා රජය එම සිරකදවුර වසා දැමූ බවට ප්‍රචාරයක් යවනව. ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ.

මේ සිදුවීම වුනේ 1963 දී වුනත් කතාව දිව යන්නෙ වර්තමානයේ සිදුවන සිදුවීම් එක්ක. මුල්ම සිදුවීම පටන් ගන්නෙ මේ බන්ධනාගාරයේ සේවය කල බන්ධනාගාර පාලකයෙකුගෙ මරනයත් සමග. මේ මරණය පිලිබද පරීක්ෂණ පැවැත්වීමේ කටයුත්ත භාර වෙන්නෙ Rebecca Madsen කියන පොලිස් පරීක්ෂකවරියට. ඇය තමයි කතාවේ ප්‍රධාන චරිතය වෙන්නෙ. ඇය මේ මරණය පිලිබද පරීක්ෂණ කරගෙන යනකොට 1963 සිදු වූ සිදුවීම පිලිබදවත් අපූරු කරුණු රාශියක් හෙලිදරවු කර ගැනීමට ඇයට පුලුවන් වෙනව.

ඉතිං ඔන්න මම කතාව ගැන පොඩි හැදින්වීමක් කලා. මේ සිරකදවුරේ සිටි සිරකරුවන්ට මොකද වුනේ, Rebecca මේ පිලිබදව සොයා ගන්න කරුණු මොනවද, සිරකරුවන්ට සිදු වූ දේ ඇයට සොය ගත හැකි වෙයිද... මේ සියල්ලට පිලිතුරු දැනගන්න නම් ඔයාලටත් කතාව බලන්නම වෙනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work