Sleepy Hollow TV Series
ඔන්න ඉතින් අදත් අපි ආව තවත් සුපිරි කතා මාලාවක් අරගෙන අපේ යාලුවො හම්බවෙන්න. IMDB Rating වල 7.5 ක් වගේ අගයක් හිමිකරගන්න මේ කතා මාලාව සමත් වෙලා තියෙනව. Adventure, Drama, Fantasy කියන වර්ගයන්ට ඇතුලත් වන මෙම කතා මාලාව විකාශනය ආරම්භ කලේ 2013 වසරේදීයි.
එහෙනම් ඉතින් දැන් කතාව දිහාවට හැරෙමු. මුලින්ම ඔයාලට කියන්න ඕනෙ මේ කතා මාලාව ටිකක් අමුතු සීන් එකක් තියෙන්නෙ. කතාවෙ ප්රධාන චරිත දෙකක් තියෙනව. පලමු චරිතය ඉකොබොඩ් ක්රේන් නමින් හදුන්වන්න පුලුවන්. මොහු මීට වසර 250කට ඉහතදී බ්රිතාන්යන්ට එරෙහිව සටන් වැදුනු සටන්කමියෙක්. දෙවන ප්රධාන චරිතය ඇබී මිල්ස් නමින් අපිට හදුන්වන්න පුලුවන්. ඇය වර්තමානයේ ජීවත් වන පොලිස් පරීක්ෂකවරියක්.
දැන් එහෙනම් කියන්නම් මේ දෙන්න කතා මාලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල. ඉකොබොඩ් ක්රේන් බ්රිතාන්යන්ට එරෙහිව පැවත්වූ සටනක් අතරතුරදී විශේෂ කුලී හේවායෙක් අතින් මිය යනව. නමුත් ඔහු මිය යාමට පෙර ඔහුට මරණීය ප්රහාරය එල්ල කල සතුරු හේවායගේ හිස කදින් වෙන් වී යන ලෙස පහර එල්ල කරනව. ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නෙ.
මේ සිද්ධියෙන් වසර 250කට පසුව, එනම් වර්තමානයේදී මියගිය ඉකොබොඩ් ක්රේන් එකවරම ගල් ගුහාවක් තුලින් නැගිටල නැවතත් පැමිනෙනව. ඔයාලට හිතාගන්න පුලුවන්නෙ වසර 250කදී ලෝකය කොයි තරම් වෙනස් වෙලා තියෙනවද කියල. ඉතිං ඉකොබොඩ් ක්රේන් මේ කාලයේ කිසිම දෙයක් නොදන්නා නිසා මාර්ග නීති කඩ කරමින් ඉබාගාතේ යමින් සිටියදී මොහුව පොලිස් අත්තඩංගුවට පත් වෙනව. ඔන්න ඔතනදී තමයි ඉකොබොඩ් ක්රේන්ට, ඇබී මිල්ස් මුනගැහෙන්නෙ. දැන් ඉතින් ඔයාලට තේරුනානෙ ප්රධාන චරිත දෙක සෙට් වෙන විදිහ. කතාවෙ හොදම දේ කියන්නෙ මේ සිදුවීම මේ ආකාරයෙන් ගලාගෙන යද්දි මරණයෙන් නැගිටින්නෙ ඉකොබොඩ් ක්රේන් පමණක් නොවීමයි. ඉකොබොඩ් ක්රේන් විසින් මරා දමන ලද කුලී හේවායත් මරණයෙන් නැගී සිටිනව. ඔහු මරණයෙන් නැගී සිටීමෙන් අනතුරුව යම් දෙයක් සොයා ගැනීමට වෙහෙසෙනව.