Revolution TV Series



අද අපි ඔයාලට අරගෙන ආවෙ විද්‍යා ප්‍රබන්ධ වර්ගයේ කථා මාලාවක්. IMDB Rating වල 6.7 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කථා මාලාව Action, Adventure, Drama කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. 2012 වර්ශයේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ.

එහෙනම් දැන් කථාව ගැන හැදින්වීමක් කරන්නම්. විදුලිය නැති ලොවක්...... ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන? කොච්චර හිතන්න බය වුනත් මේ කථාවෙ සිදුවෙන්නෙ ඒකයි. කථාව පටන් ගැන්මෙදිම මුළු ලෝකයේම විදුලිය විසංදි වෙනව. සියලුම විදුලි යන්ත්‍රෝපකරන ක්‍රියා විරහිත වෙනව. ඒ පමනක් නෙවෙයි සියළුම වාහන පවා අක්‍රීය වෙනව. හදිසියේ සිදුවන මේ අකරතැබ්බය නිසා ලෝකයේ ඉතා බලවත් රාජධානීන් පවා බිද වැටෙනව. මුළු ලෝකයම එකම සොහොන් පිටියක් බවට පත් වෙනව. 

මේ සිදුවීමෙන් වසර 15 කට පමණ පසු කථාව තමයි ඔයාලට බලන්න තියෙන්නෙ. මේ වනවිට සියළුම මිනිසුන් විදුලිය නැති ලෝකයට හුරු වෙලා ඉන්නෙ. කුඩා ගොවිපලවල් වලින් තමයි ඔවුන් ජීවත් වෙන්නෙ. මෙහෙම ජීවත්වන කුඩා කණ්ඩායමක විදුලිය නැති වීමට වගකිවයුතු පුද්ගලයෙකුද ජීවත් වෙනව. ඔහු නමින් Ben Matheson. මේ වනවිට ලෝකයේ තැන තැන මහද්වීපයන් වල කුඩා සමූහාණ්ඩු බිහිවෙලා තියෙනව. මොන්රෝ ජනරජය කියන්නෙ එවැනි එකක්. මෙහි නායකය වන්නෙ Monroe කියන පුද්ගලය. ඔහු Ben Matheson ගෙ සහෝදරය වන Miles Matheson ගෙ පැරණි යාළුවෙක්. විදුලිය විසන්දි වීමට හේතුව Ben Matheson දන්නා බව දැනගන්න Monroe ඔහුගේ කණ්ඩායමක් එවනව Ben Matheson අල්ලා ගැනීමට. මෙහිදී ඇතිවන ගැටුමකදී Ben Matheson වෙඩි වැදී මිය යනව. ඔන්න ඔහොමයි කථාව පටන් ගන්නෙ.

මේ සිද්දියෙන් පස්සෙ Ben Matheson ගෙ දියණිය වන Charlie කථාවට සම්බන්ද වෙනව. ඇය සහ ඇයගේ බාප්පා වන Miles තමයි ඊට පස්සෙ කථාවෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ. මොවුන් දෙදෙනා තවත් කුඩා කණ්ඩායමක් එක්ක විදුලිය නැවත ලබා ගැනීමට උත්සාහ කරනව.

ඉතිං ඔවුන්ට නැවත විදුලිය ලබා ගැනීමට හැකි වෙයිද, Monroe කොයි ආකාරයෙන් මොවුන් සමග සටන් කරයිද, කවුරුන් මේ සටනෙන් ජයග්‍රහණය කරයිද, මේ සියල්ලට පිලිතුරු කථාව බලලම තමයි දැනගන්න වෙන්නෙ.




 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work