White Collar TV Series



වෙනද වගේම ඔන්න අදත් ඔයාලව හම්බවෙන්න ආව සුපිරි කතා මාලාවකුත් අරගෙන. 2009 වසරේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ . IMDB Rating වල 8.3 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Comedy, Crime, Drama කියන වර්ගයන් යටතට ගැනිය හැකියි. 

මේ කතා මාලාවේ ප්‍රධාන චරිතයන් දෙක වෙන්නෙ Peter Burke සහ Neal Caffrey කියන දෙදෙනායි. Peter Burke කියන්නෙ FBI එකට වැඩ කරන නියෝජිතවරයෙක්. එතකොට Neal Caffrey කියන්නෙ ලෝකයේ අංක එකේ නමගිය අපරාධකාරයෙක්. ඒ වගේම ඔහුට අපරාධ පිලිබදව ඉතාමත් තීක්ෂණ නුවනක් තමයි තියෙන්නෙ. මේ වෙනකොට ඔහු සිදු කල අපරාධ සම්බන්ධයෙන් පොලීසියට හසු වී වසර හතරක් සිරගතව සිටි පුද්ගලයෙක්. කොහොම නමුත් Neal Caffrey ට Peter Burke සමග සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබෙනව. ඒ කියන්නෙ තමන් සමග කලින් වැඩකල අපරාධකරුවන් අල්ලා ගැනීමට Peter Burke ට උදවු කිරීමට Neal Caffrey ට සිදු වෙනව. 

ඉතිං Neal Caffrey ට අපරාධ සම්බන්ධයෙන් ඇති තීක්ෂණ නුවන බාවිතා කරමින් Peter Burke ඉතාමත් දරුණු අපරාධකරුවන් අල්ලා ගන්න ආකාර බලන්න ආස හිතෙනව. ඉතිං ඔයාලත් මේ කතා මාලාව අරගෙන බලන්නකො හොදද කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work