Moon Lovers: Scarlet Heart Ryeo TV Series



ඔන්න අදත් අපි ආව තවත් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන අපේ යාලුවන්ව හම්බවෙන්න. මේ කතා මාලාව නිර්මාණය වෙලා තියෙන්නෙ කොරියාවේ ගෝර්යෝ රාජධානි සමය පසුබිම් කරගෙනයි. එහෙම උනත් අපේ කතා මාලාවෙ ප්‍රධාන චරිතය වර්තමානයේ ජීවත් වෙන තරුනියක්. එහෙනම් අපි කතා මාලාව ගැන පොඩ්ඩක් දැනගමුකො.

මම කිවුවනෙ අපේ ප්‍රධාන චරිතය වර්තමානයේ කෙනෙක් කියල. ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන තරුනියක්. නමුත් ඇයට සිදු වන හදීසි අනතුරක් නිසා ඇගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. ජලාශයකට වැටුන දරුවෙකු බේරා ගැනීමට යාමේදී ඇයව එහි ගිලෙනව. ඉන්පසු ඇය එක්වරම නැගිටිනව නාන තටාකයකින්. නමුත් ඒ වර්තමානයේ නම් නෙමෙයි. ගෝර්යෝ රාජ්‍යයේ කුමාරවරුන්ගේ නාන තටාකයෙන් තමයි ඇයව මතු වෙන්නෙ. ඒ කියන්නෙ මේ සිදු උන අනතුර නිසා ඇයව අතීතයට ගිහිල්ල. කොහොම නමුත් දැන් ඇය ඉන්නෙ ගෝර්යෝ රාජ්‍යයේ. මේ රාජ්‍යයේ රජතුමාට කුමාරවරු සහ කුමාරියන් විශාල සංඛ්‍යාවක් ඉන්නව. ඉතින් මේ ආපු අමුත්තියව ඔවුන් කොහොම පිලිගනීද? ඇයට හානියක් සිදු වෙයිද? ඇය මේ විදිහට අතීතයට එන්නෙ කොහොමද? මේවට උත්තර දැනගන්න නම් ඔයාලත් මේ කතා මාලාව බලන්න වෙනව.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work