Van Helsing TV Series


ඔයාල කවුරුත් දන්න චිත්‍රපටියක්නෙ Van Helsing කියන්නෙ. ඉතින් මේ දෙන්න යන්නෙ ඒ චිත්‍රපටිය මූලික කරගෙන නිර්මාණය වුනු කතා මාලාවක්. හැබැයි විශේෂත්වය කියන්නෙ මේකෙ වෑන් හෙල්සින්ගෙ චරිතයට පන පොවන්නෙ කාන්තාවක් වීම. මේ කතා මාලාව විකාශනය ආරම්භ වුනේ 2016 වසරේදීයි. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 5.9 ක අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Drama, Fantasy කියන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්.
මේ කතාවෙ ප්‍රධාන චරිතයේ නම වෙන්නෙ වැනේසා හෙල්සින්. කතාව පටන් ගන්නේම වැම්පයර් ඇටැක් එකක් සමඟයි. මේකෙදි වැනෙසට ප්‍රහාර එල්ල වෙනවා. තව වැනෙසව බලා ගන්න ඇක්සෙල් කියලා මෙරීන් බටයකුත් ඉන්නවා. මෙ දෙන්න ඉන්න ගොඩනැගිල්ලට මිනිස්සු කන්ඩායමක් ඇතුල් වෙන්න උත්සහ කරනවා. ඒකෙන් වැම්පයර්ලා ගොඩනැගිල්ලට ඇතුලු වෙනවා. ඊට පස්සේ ලොකු ලොකු සිද්දි ඇතුලේ වෙනවා. ඉතිරැ ටික දැන ගන්න නම් කතාව බලන්නම වෙනවා. ඔයාලත් Van Helsing චිත්‍රපටයට ආදරය කල කෙනෙක් නම් අනිවාර්යෙන් මේ කතා මාලාව නරඹන්න කියල අපි ඔයාලට ආරාධනා කරනව.