Riverdale TV Series


ඇත්තටම රිවර්ඩේල් කියන්නේ කොමික් කතාවක් කොමික් කතා වලදි මේකේ නම රිවර්ඩේල් නෙමෙයි ආර්චි කොමික් කියලා තමයි හදුන්වන්නේ. මොකද මෙ කතාවේ ප්රධාන චරිතයේ නම තමයි ආර්චි. මොකද මේ ආර්චි කියන ළමයයි එයාගේ පාසලේ යාලුවොයි වටා තමා මේ කතාව ගලාගෙන යන්නේ. මෙයාලා ජිවත් වෙන ටවුන් එකේ නම් තමයි රිවර්ඩේල් කියන්නේ.
කතාව වෙන්නේ මෙහෙමයි මෙයාලගේ පාසල ගිම්හාන නිවාඩුවෙන් පස්සේ අලුතින් පටන් ගන්න දිනය ලන් වෙනවා ඔය අතරේ රිවර්ඩේල් වල වැදගත්ම පවුලක ළමයෙක් මැරෙනවා. එයා මැරෙන්නේ දියේ ගිළිලා කියලා හිතුවත් කතාව බලාගෙන යනකොට වැටෙහෙනවා එයා දියේ ගිලිලා මැරිලා නෙමෙයි එයාව වෙඩි තියලා මරලා කියලා ඔන්න ඔතනින් තමයි මේ රිවර්ඩේල් කියන ටවුම වෙනස් වෙන්න පටන් ගන්නේ. හැමෝම මේ ගැන හොයන්න පටන් ගන්නවා ඔන්න එතකොට තමයි අපේ කතාවේ නායකයා වෙන ආර්චි සහ ඔහුගේ යාලුවෝ වෙන බෙටි, ජග්හෙඩ්, වෙරෝනිකා මේ අයගෙත් උදව් ඇතිව මේ මිනිමැරුම කරපු මිනිමරුවව අල්ලන්න යන්නේ. මුලිකව සරලවම කිව්වොත් ඕක තමයි කතාවේ සාරාංශය ඒවුනාට මීට වඩා දේවල් කතාව බලනකොට ඔයාලට දකින්න ලැබෙයි. එහෙනම් ඉතින් අපේ යාලුවොත් කතාව අරගෙන බලන්නකො කොහොමද කියල.