Dragons: Race to the Edge TV Series


2015 වසරේදී තමයි මේ කතා මාලාව විකාශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.5 ක ඉහල අගයක් ලබා ගැනීමට සමත් වුනු මේ කතා මාලාව Animation, Adventure, Comedy යන කාණ්ඩයන් යටතේ වෙන්කර දැක්විය හැකියි.
How to Train Your Dragon 2 චිත්‍රපටිය බලපු යාළුවන්ට නම් සිද්ධ වෙනවා ඒ කතාව පොඩ්ඩක් අමතක කරලා දාලා මේක බලන්න. මොකද මේ කතා සමය පටන් ගන්නෙ How to Train Your Dragon 2 චිත්රපටියෙ කතාවට ටික කාලෙකට කලින් බර්ක් වල සිදු වුණ දේවල් ගැන. ඒ කියන්නෙ Dragons Riders of Berk දෙවනි කතා සමයෙන් වසර තුන හමාරකට පසු සහ How to Train Your Dragon 2 චිත්රපටියෙ කතාවට වසර එක හමාරකට පෙර.දැන් හිකප් සහ අපේ යාළුවො ටික තරුණ උදවිය.මේ පාර හිකප් සහ යාළුවො ටික එයාලගෙ මකරු එක්ක කරන වික්‍රමාන්විත වැඩ ටික තමයි මේ කතා මාලාවෙ තියෙන්නෙ. චිත්‍රපටය වගේම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් බව වගකීමෙන් කියන්න පුලුවන්.