The Shannara Chronicles TV Series


එල්ක්රිස් නම් මායා ගසක් තියෙනවා. එය මියයමින් පවතින්නේ.අවාසනාවට එම ගස යක්ෂයින් සිරකර ඇති ස්ථානයක බාධකයක් ලෙස ක්රියා කරනවා. එහි සෑම පත්රයක්ම යක්ෂයෙකු සංකේතවත් කරනවා. පත්රයක් හැලීම යනු යක්ෂයකුගේ නිදහසයි. ඉතින් මෙන්න මේ ගහ වටා තමා කතාව ගෙතෙන්නෙ. ඇම්බර්ලි කියන්නේ එල්වින් කුමාරිකාවක් ඇය පුරාන සම්ප්රදායක් නොසලකමින් වසර ගණනක් පිරිමින් පමණක් ඉදිරිපත් වූ තරගයකට මුහුණදී ජයගන්නවා. ජයගත් අය හදුන්වන්නේ තෝරාගත් සාමාජිකයන් ලෙසයි. ඔවුන්ගේ කාර්ය වන්නේ එල්ක්රිස් නම් මායා ගස රැකබලා ගැනීමයි. ඉතින් ඇම්බර්ලි ගහ ළගට ගිහින් අත තිබ්බම ගස ඇය සමග කතා කරනවා. ඇයට අනාගතය ගැන දර්ශනයන් පෙන්වනවා. එම දර්ශනවල අඩංගු වෙන්නේ යක්ෂයින් විසින් මිනිසුන් විනාශ කර දැමූ දේශයක්.
ඉතින් ඇය එය නවතාලීමට සිතා මාලිගයෙන් පිටවෙනවා. ඔන්න ඔය වෙලාවේ පුරාණ පූජකයෙක් යලි ජිවය ලබනවා. ඔහු පැරනොර්හි අවසන් පූජක ඇලනොන්. ඔහු විතරක්ම නෙවේ අර ගහ නිසා ඩගඩා මෝර් නම් දුෂ්ට පූජකයෙක්ද යලි ජිවය ලබනවා. නමුත් ඔහුගේ බලය දුර්වලයි. ඔහුට බලවත් වීමටනම් ගසේ අවසාන පත්රයද වැටෙනතුරු බලාසිටිය යුතු වෙනවා. ඉතින් ඔහු ගසේ ආරක්ෂකයින් වෙන තෝරාගත් පිරිස මරා දැමීමට යක්ෂයකු එවනවා. ඇම්බර්ලි කුමරිය හැරෙන්න අන් සැවොම මැරෙනවා. ආ තව පොඩ්ඩෙන් විල්ව අමතක වෙනවනේ. විල් කියන්නේ අතීත රජ පරපුරක අවසන් පුත්රයා. ඔහු සතුව එල්ෆ්ස්ටෝන්(ගල් වර්ගයක්) තියෙනවා. එහි මායා බලයක් අඩංගු වෙනවා. යක්ෂයින්ට එරෙහි සටනේදී ඔහු මත විශාල කාර්යභාරයක් පැවරෙන නිසා ඇලනොන් ඔහු සොයා යනවා. කතාව ගැන තේරුම් ගන්න මේ විස්තරය හොදටම ප්රමාණවත් වෙයි කියල අපි හිතනව. ඉතිරි ටික ඉතින් කතාව බලලම දැනගන්නකො...