13 Reasons Why TV Series


හැනා බේකර්.. ලිබටි හයි පාසලේ ශිෂ්‍යාවක්. එක්තරා දිනයක දී ඇය තම ජීවිතය නැති කර ගන්නවා. මේ නිසා මුළු පාසලේම ශිෂ්‍ය-ශිෂ්‍යයාවන් තිගැස්වීමකට පත් වෙනවා. ක්ලේ ජෙන්සන් හැනාගේ හොඳම යාළුවා. හැනාගේ වියෝවෙන් සන්තාපයට පත් ක්ලේට දිනක් තමන්ගේ ගෙදර දොරකඩ දී එක්තරා පාර්සලයක් හම්බවෙනවා. මේ පාර්සලයේ ටේප්පට හතක් අන්තර්ගත වෙනවා. ක්ලේ තමන්ට ලැබුන මේ ටේප්පට වාදනය කිරීම ආරම්භ කරනවාත් සමග ඔහු වඩාත් තිගැස්මට පත් වන්නේ ඒ තුලින් හැනා බේකර්ගේ කටහඬ ඇසීමත් සමගයි. ඔව් හැනා බේකර් තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට පෙර පටිගත කරනලද ටේප් පට 7ක් තමා මේ ක්ලේ වාදනය කරන්නේ. තමන් ජීවිතය නැති කර ගැනීමට ප්‍රථමව ,තමන්ගේ මරණයට හේතුව හැනා පටිගත කරනවා. ක්ලේ ජෙන්සන් මේ අසන්නේ ඒ ටේප්පටවලටයි. හැනාගේ මරණයට හේතුව කුමක්ද? එයට වග උත්තරකරුවන් කවුරුද? මරණයත්-ක්ලේත් අතර ඇත්තේ කිනම් සම්බන්ධතාවයක් ද? එසේනම් මේ ඒ සියල්ලටම පිළිතුරු සොයා යන්න අපි ඔයාලටත් ආරාධනා කරනව. කතා මාලාව බැලුවොත් ඔබටම තේරේවි කතා මාලාව කොයි තරම් නම් ඇබ්බැහි වෙන සුලුද කියල.