Mr. Robot TV Series


මේක ටිකක් වෙනස් විදිහේ ටීවී සීරිස් එකක් කිව්වොත් නිවැරදියි. මොකද මේක පරිගණක, අන්තර්ජාලයේ නොදුටු පැත්තට ටිකක් වැඩි කතාවක්. හැක් කරන හැටි ගැනයි, තව ඔය DDOS ප්‍රහාර ගැනයි වගේ දේවල් වලට කැමති අයට හොද සීරිස් එකක් වෙයි මේක.
කතාව පැත්තට හැරුණොත්, අපේ ප්‍රධාන නළුවා වෙන්නේ ‘Elliot’. එයා පරිගණක වැඩසටහන් කරුවෙක් (Computer Programmer) සහ හැකර්කරුවෙක්. එයාට අනුව ගත්තොත් අපිට අන්තර්ජාලයේ පේන්න තියෙන්නේ එක පැත්තක් විතරක්. තව අදුරු පැත්තක් තියෙනවා. මේ කතාව ගෙතෙන්නේ අන්න ඒ අදුරු පැත්තට වෙලා ලෝකය පාලනය කරන ලොකු ආයතනයක්, හැකර් කණ්ඩායමක්, Mr. Robot කියල කෙනෙක් සහ අපේ ප්‍රධාන නළු ‘Elliot’ වටායි. මොහුට ඕන කරන්නේ අන්න ඒ ආයතනයේ නොපෙනන හස්තයෙන් පාලනය කරන මේ ලෝකයේ මිනිස්සු, ලෝකය බේර ගන්නයි. Elliot ට පවුලේ කවුරුත් නෑ. කොටින්ම කිව්වොත් එයා තනිවුණ කෙනෙක්. සමාජයට වෛර කරන, සමාජයේ කාත් එක්කවත් කතා කරනේනේ නැති චරිතයක්.
ඇයි මේ තරම් මේ ආයතනය විශේෂ වෙන්නේ? මොනවද අර හැකර් කණ්ඩායමට ඔවුන්ගෙන් අවශ්‍ය වෙන්නේ, එතකොට Elliot මොකක්ද කරන්නේ, එයාට මේ සමාජයත් එක්ක තියෙන කේන්තිය මොකක්ද? කවුද මේ Mr.Robot කියන්නේ? මේ වගේ දේවල් වලට පිළිතුරු දැනගන්නනම් මේක බලන්නම වෙනවා.