Secret Door TV Series


තමන්ගෙ බලය ස්ථාවර කරගැනීමට උත්සාහ කරන යොංජෝ රජු හා ධනවතුන්ගේ තාඩන පීඩනවලට ලක්වන සිවිල් වැසියන් වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ පුත් සාඩෝ කුමරුත් අතර ඇතිවෙන සීතල යුද්ධය තමයි මේ කතාවට පාදක වෙන්නෙ.
යොංජෝ රජු විසින් සාඩෝ කුමරු කැරලිකරුවෙකු බවට චෝදනා කර මරණයට නියම කිරීම තමයි අවසානයේ සිදු වෙන්නෙ. ඒත් සැබැවින්ම එය එසේද? යන ඓතිහාසික ගැටලුවට උත්තරයක් විදිහට තමයි විවිධ මානයන් ඇසුරෙන් මේ කතාව ගලාගෙන යන්නෙ. ඉතින් අපි ඔයාලටත් ආරාධනා කරනව මේ ලස්සන කොරියානු ඉතිහාස කතාව නරඹන්න කියල.