Grimm TV Series



ඔන්න යාලුවනේ අදත් අපි ආව සුපිරි කතා මාලාවක් අරගෙන ඔයාලව හම්බවෙන්න. මේ කතා මාලාව 2011 වර්ශයේ ඉදන් තමයි NBC නාලිකාවෙ විකාශනය වෙන්න පටන් ගත්තෙ. මේ වෙද්දි විකාශනය වෙන්නෙ 6 වෙනි සීසන් එක තමයි. මේ කතා මාලාව Drama, Fantasy, Horror කියන වර්ගයන් යටතට ගන්න පුලුවන්. ඒ වගේම මේ කතා මාලාව IMDB රේටින් වල 7.8 ක අගයක් ලබා ගන්නට සමත් වෙලා තියෙනව. දැන් එහෙනම් අපි කතා මාලාව ගැන පුංචි විස්තරයක් කරන්නම්.

අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි Nick Burkhardt. ඔහු පෝට්ලන්ඩ් රහස් පරීක්ෂකවරයෙක්. ඔහුට එකවරම අමුතුම දේවල් පේන්න ගන්නව. සමහර සාමාන්‍ය මනුෂ්‍යයන්ව යක්ෂයන් වෙලා පේනව. ඔහුට මේක ලොකු ගැටලුවක් වෙනව. ඔහු මේ ගැන හොයද්දි එක් පුද්ගලයෙක් ඔහුට පැහැදිලි කරනව මේ දේවල් වෙන්න හේතුව මොකද්ද කියල. ඔහු කියනව නික් "Grimm" කියන මනුෂ්‍ය වර්ගයේ කෙනෙක් කියල. ඒ වගේම නික් තමයි මේ ලෝකෙ ඉතිරි වෙලා ඉන්න අන්තිම "Grimm" කියල ඔහු පවසනව. සාමාන්‍ය මනුෂ්‍ය වේශයෙන් ඉන්න යක්ෂයන්ව දකින්න හැකියාව තියෙන්නෙ "Grimm" කෙනෙක්ට පමණයි. ඉතින් නික්ට මේ තියෙන්නෙ ඉතා සුවිශේෂ හැකියාවක්.

ඉතින් මේ මනුෂ්‍ය වේශයෙන් ඉන්න යක්ෂයන්ගෙන් මිනිස්සුන්ට විවිධ කරදර එල්ල වෙනව. මේ දේවල් විසදන්න වෙන්නෙ නික්ට තමයි. මොකද ඔහුට පමණයි මේ අද්භූත බලය තියෙන්නෙ. ඒ වගේම කතාවෙදි ප්‍රශ්න විසදන්න නික්ට මනුෂ්‍ය වේශයෙන් ඉන්න යක්ෂයෙක්ගෙත් උදවු ලැබෙනව. ඉතින් මේ විදිහට නික් මොන වගේ ප්‍රශ්න විසදනවද? කොයි වගේ බාධක වලට ඔහුට මුහුන දෙන්න වෙයිද? මේ දේවල් දැනගන්න ඔයාලත් මේ කතා මාලාව අරගෙන බලන්න. ඔයාලත් මේ කතා මාලාවට කැමති වෙන බව නොඅනුමානයි.




 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work